මට ඕන විශ්‍රාම යනතුරුම රටට සේවය කරන්නයි

මැයි 6, 2020

නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් /මහජන සෞඛ්‍යය සේවා විශේෂඥ වෛද්‍ය

පබා පලිහවඩන

වසංගතයක් කියන්නේ බියකරු වදනකි. එසේ වුවද වසංගතයට ද බල සේනාවක් මෙන් දිරියවන්තවී නුවණින්, පරිණත බවින් අභර්‍ණඡ්යෝග කරන්නිය ඇයයි. වසංගතයක් කී සැණින් ශ්‍රී ලාංකේය අපට ඇය සිහිගැන්වෙන්නේ එනිසාමයි.

ගතින් කුඩා වුවද වසංගත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන යනු මෙරට වෛද්‍ය ක්ෂේත්‍රයෙහර්‍ණඡ් වැජඹෙන යෝධ කාන්තා චරිතයකි. වසංගත රෝග යන අමිහර්‍ණඡ්රි වදන පවා ‘පබා’ නමින් ප්‍රභාවත් වී වසන්තය මෙන් සොඳුරු වී තිබේ.

ඉන්ෆලුවෙන්සා,  ඩෙංගුර්‍ණඡ්, සුනාමි වැනි කුමන උපද්‍රවයකදී වුවද ප්‍රජාව දැනුවත් කිරීමට වසංගතය, තවදුරටත් වසංගතයක් නොවීමට ඇය ක්‍රියාකරන්නීය. මාධ්‍යයට සුහදනියක වී අත්වැල් බැඳගෙන ඇය සමස්ථ ශ්‍රී ලාංකේය ජනතාවටම මවක සේ පිහර්‍ණඡ්ටට එන්නීය. වත්මනෙහර්‍ණඡ් ලොවම කළඹන කොවිඩ් -19 ට (නව කොරෝනා වෛරස උවදුරට) එරෙහර්‍ණඡ්ව දිවා රෑ මහා සටනක යෙදෙන්නීය. මේ තරුණී වෙනුවෙන් ඒ ප්‍රබල කාන්තා හඬ අවදි කිරීමට සුදුසුම කාලයයි. කොරෝනා රටට උවදුරක් වී ඇති කාලයක ජිවිතයම අර්ථවත් කළ ඇය වැනි චරිතයක් තරුණීට සුවිශේෂීය.

නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් මහජන සෞඛ්‍යය සේවා/තනතුර හොබවන ඇය මේ වනවිට මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍ර දහයක් බාරව ක්‍රියාකරන්නීය.

“වසංගත රෝග විද්‍යා අංශය මට භාරව තියෙන එක් අංශයක් මැලේරියා, ලාදුරු,  ඩෙංගුර්‍ණඡ්, ක්ෂය රෝගය, නිරෝධායන, එච්.අයි. වී. ඒඩ්ස්, බරවා ජලභීතිකා, ප්‍රධාන මහජන සෞඛ්‍ය ඒකකය සියල්ලත් මට පැවරිලා තියෙන්නෙ.

හෙමින් ගමන් නැති හෙමින් වැඩක් නැති මේ ජ්‍යෙෂ්ඨ විශේෂඥ වෛද්‍යතුමියට අංශ දහයක කාර්යභාරය කොහෙත්ම අභර්‍ණඡ්යෝගයක් නොවෙයි. ඒ ගමනට ඇයට පන්නරය ලැබුණේ මාතර, අතුරලිය මහ ගෙදරිනි.

“මගේ අම්මා කුසුමා පලිහවඩන අතුරලිය මහා විද්‍යාලයේ ගුරුවරියක්. මට හර්‍ණඡ්ටියෙ අයියා කෙනකුයි මල්ලිලා තුන් දෙනකුයි විතරයි. මුලින් අම්මා සේවය කළ අතුරලිය මහා විද්‍යාලයට ගර්‍ණඡ්යා.

පොඩි කාලෙ මගේ ආසාව තිබුණේ නැටුමට, ගායනයට. වෛද්‍යවරියක් වෙන්න හීන මැව්වෙ නැහැ. අපි නිදහසේ ඉගෙන ගත්තා. සෙල්ලම් කළා.

හතේ පන්තියේ ඉඳන් දහය පන්තිය දක්වා ඉගෙන ගත්තෙ නුගේගොඩ අනුලා විද්‍යාලයේ. අනුලා විද්‍යාලයේ දී ගායන තරගවලින් පළමුවැනියා වුණා. උසස් පෙළ හැදෑරුවේ දේවි බාලිකා විද්‍යාලයෙන්.

මගේ තාත්තා රොබට් පුරුද්දක් විදිහට හවස මාත් එක්ක ගොඩක් කතා කරනවා. කලාවට කැමැත්ත තිබ්බත් තාත්තා මට වෛද්‍ය විද්‍යාව තෝරගන්න කිව්වා. රටේ හැමෝම ගරු කරන තැනකට එන්න කිව්වා. උසස් පෙළ ගුරුවරුන් මාව විද්‍යා විෂයයන් හදාරන්න උනන්දු කළා. අද මං වෛද්‍යවරියක වෙලා ඉන්නෙ ඔවුන්ගේ උනන්දුකිරීම නිසයි.

 රටේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් මහජන සෞඛ්‍ය සේවා/තනතුර දක්වා පැමිණි වෘත්තීය ගමනගැන පැවසුවොත්..

කළුබෝවිල සීමාවාසික වෛද්‍යවරියක ලෙස මගේ වෘත්තීය ජීවිතය ඇරැඹුණා. පසුව හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනිය ලෙස පත්වුණා. වසංගත අංශයට යොමු වුණේ කළුතර ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යා අංශයට යොමු වීමත් සමඟ.

1995 වසරේ සිට වසංගත රෝග අංශයේ වැඩ කරනවා. වසංගත රෝග පිළිබඳ පශ්චාද් උපාධිය 2001 දී ලබාගෙන 2003 දී නියෝජ්‍ය වසංගත රෝග විද්‍යාඥවරිය බවට පත්වුණා. 2008 දී ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥවරිය වුණා. 2017 වන තුරුම ඒ තනතුරේ හර්‍ණඡ්ටියා.

 වසංගත රෝග අංශය ජනතාව අතර ජනපි‍්‍රය වුණේ පබා පලිහවඩන නමත් සමඟ බව පැවසුවොත් වැරැදි නැහැ නේද ?

මං හිතන්නේ මාධ්‍යයට මං පි‍්‍රයයි. මාධ්‍ය මට පි‍්‍රයයි. ඒ නිසා මේ විෂයය සම්බන්ධ කරුණු වෙනදාට වඩා මහජනතාව වෙත ගියා.

ඐ මේ තනතුර දරද්දී ඔබතුමියට විවිධ අභර්‍ණඡ්යෝග එල්ල වුණා නේද ?

වාර්ෂික ස්ථාන මාරු ක්‍රියාවලිය නිසා නිතර මගේ තනතුරට අභියෝග එල්ල වුණා. කෙනෙක් පරිපාලනයට මොනතරම් දක්ෂ වුණත් ප්‍රධාන තනතුරට පත්වෙන්න ඕන පරිපාලනයට වගේම අදාළ අංශය ගැන ප්‍රවීණ ඒ වගේම දැනුම තියෙන පුද්ගලයායි. මේ ගැැන ස්ථාන මාරුකිරීමේ දී සැලකිල්ලට ගන්න ඕන.

වෘත්තීය ජීවිතයම වසංගත රෝග මර්දනයට කැප කළ මට ඕන වුණේ විශ්‍රාම යනතුරු ඒ අංශයෙම ඉඳලා රටට සේවය කරන්න. ඒත් නිතර කරදර බාධාවලට මුහුණ දෙන්න වුණ නිසා මං නිවාඩු අරගෙන යුනිසෙෆ් ආයතනයේ සේවයට ගර්‍ණඡ්යා. නැවත සෞඛ්‍ය අමාත්‍යංශයෙන්ම මාව කැඳෙව්වා. මගේ පැමිණීම වළක්වන්නත් සමහරු පියවර ගත්තා.

ටික දවසක් වසංගත රෝග විද්‍යාඥවරියක් විදිහට සේවය කළා. ඒ අතරේ එවකට හිටිය ලේකම් මාව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂිකාව බවට පත් කළා.

මං එතැනත් අලුත් යමක් කරන්න උත්සාහ ගත්තා. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ දී මමට අධික රාජකාරි කටයුතු නොතිබුණු නිසා වෘත්තීය ජීවිත කාලයේ දී පළමු වරට යම් නිදහසක් ලැබුණා. බාධක, තර්ජන, සතුරුකම් පිළිබඳ අත්දැකීම් ලබා පැමිණි මාව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ කාර්ය මණ්ඩලය ආදරයෙන් පිළිගත්තා. ඒ වගේම ආදරයෙන් බලාගත්තා. මාධ්‍ය සමඟ වඩාත් සමීපවී කටයුතු කරන්න ලැබුණු නිසාත් එතැන පි‍්‍රයමනාප තැනක් වුණා.

 ඒත් ඔබතුමියගේ වෘත්තීය ජීවිතය බද්ධ වී තිබුණේ වසංගත රෝග විද්‍යා අංශය සමඟ නේද ?

වසංගත රෝග අංශයේ සේවය කිරීම නිසා මට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ලොකු පිළිගැනීමක් ලැබුණා. වෙනත් රටවල වසංගත තත්ත්වවලදීත් මාව කැඳවනවා. මෑතකදී කැඳෙව්වේ ඉන්දුනීසියාවේ වසංගත තත්ත්වයකට. ගෝලීය වසංගතයකදී රට වෙනුවෙන් පෙනී සිටීම සතුටක්.

 වර්තමාන තනතුරට පත් වුණේ ?

2018 මානසිකව පීඩාකාරී කාල පරිච්ඡේදයක් වුණා. ඒ වගේ කාලයක් ගත කරමින් සිටිය දී 2019 දී නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් මහජන සෞඛ්‍ය සේවා/තනතුර සඳහා සම්මුඛ පරීක්ෂණයක් කැඳවා තිබුණා. සෞඛ්‍ය ජනරාල් අධ්‍යක්ෂතුමා සාධාරණය ඉටුකරමින් මට මේ තනතුර ලබාදුන්නා.

 වසර 34 ක සේවා කාලයේ දී අභියෝගාත්මක අංශයක වැඩි කාලයක් සේවයකර ඇති ඔබතුමිය ලද අමතක නොවන අත්දැකීම් කුමක් ද ?

සුනාමිය. සුනාමිය වෙලාවේදී මං නියෝජ්‍ය වසංගත රෝග විද්‍යාඥවරිය විදිහට කටයුතු කරමින් සිටියෙ. ප්‍රධානියා විදෙස් ගතවෙලා හර්‍ණඡ්ටියෙ. මට සියලුම වගකීම් පැවරුණා. මිනිසුන් දහස් ගාණක් මැරිලා. සිරුරු ගොඩ ගැහර්‍ණඡ්ලා. කඳුවුරුවල සිටින ජනතාවගේ සනීපාරක්ෂාව වෙනුවෙන් අපේ කණ්ඩායම් පිටත් කරලා ඇරියා. අපේ ආයතනයේ වාහන යවන්න රියැදුරු මහතුන් නැති වුණාම වෙනත් රියැදුරු මහතුන්ට අමතර යතුරු හදලා දීලා ඒ වාහනවලින් අවශ්‍ය දේවල් මිනිසුන්ට ලබාදුන්නා. අපද්‍රව්‍ය නිසි ලෙස බැහැර කරලා, ජනතාවගේ සනීපාරක්ෂාව රැකගෙන සුනාමි වසංගතය, වසංගතයක් නොවන්නට වැඩ කළා.

ලංකාව පුරාම සිටින දරුවන්ට පෝලියෝ මුඛ එන්නත දුන්නෙත් මගේ කාලයේ දී. ඩ්1ව්1 ෆ්ලු වසංගතයේ දීත් අපි වහාම ක්‍රියාත්මක වෙලා රෝගය කඩිනමින් මර්දනය කළා. රට පුරාම ප්‍රතිශක්තිකරණ එන්නත් රැසක්ම මගේ කාලෙදි ලබා දීලා තියෙනවා.

 ඩෙංගු මර්දනයට හමුදාව සහාය කරගැනීමත් අමතක නොවන අත්දැකීමක්. නිවෙසින් නිවෙසට ගොස්  ඩෙංගුර්‍ණඡ් මදුරුවන් බෝවන තැන් සොයා බැලීම මූලිකවම සිදුවුණේ වසංගත ඒකකයෙන්.

 වසංගත රෝග විද්‍යාඥවරියගේ භූමිකාව අමතකකර පබා පලිහවඩන යන කාන්තාව ගැන කතා කළොත් ..

මං විවාහ වුණේ ආදර සම්බන්ධතාවකින්. එයා ජයන්ත සමරකෝන්. ඉංජිනේරුවරයෙක්. මට දුවකුයි, පුතකුයි ඉන්නවා. දුව රාධවී තාත්තගෙ අඩිපාරෙ  ඉංජිනේරුවරියක් විදිහට අමෙරිකාවේ සේවය කරනවා. එයා කැලිෆෝනියා විශ්වවිද්‍යාලෙයන් පශ්චාද් උපාධිය ලබාගත්තා. පුතා ලසුරත් ආර්ථික විද්‍යාව හැදෑරුවේ අමෙරිකාවේදී. පුතා ලංකාවෙ අපිත් එක්ක ඉන්නවා.

 කාර්යබහුලකම යුග දිවිය බාධාවක් වුණේ නැද්ද ?

වසංගත රෝග අංශය කියන්නේ දිවා රෑ නොබලා සේවය කරන්න සිදුවෙන අංශයක්. පාන්දර 1-2 ටත් සේවා ඇමතුම් ලැබෙනවා. මාධ්‍යවේදීන්ගෙන් රාත්‍රියටත් ඇමතුම් ලැබෙනවා. මගේ කාර්යබහුලකම ගැන සැමියාටත් දරුවන්ටත් හොඳ අවබෝධයක් තිබෙනවා. ගෙදර අය සුබවාදියි.

 විනෝදාංශයටත් වෙලාව තියෙනව ද?

විනෝදාංශවලට විතරක් නෙවෙයි. මං ව්‍යායාමයටත් වෙලාවක් වෙන්කරගෙන ඉන්නෙ. කොරෝනා වසංගතයට කලින් මං දිගටම සුම්බා නර්තනයේ යෙදුණා. යෝගා ව්‍යායාමත් සුම්බා නර්තනයේ තිබෙනවා. මේ දිනවල නම් කොරෝනා නිසා කිසිම දේකට වෙලාවක් නෑ.

මං හොඳ ගෙවිලියක්. උදේට නැඟර්‍ණඡ්ට්ට ගමන් කරන්නෙ මගේ වත්තට යන එක. මල්, එළවළු, පලතුරු, පලාවර්ග මගේ අතින්ම වගාකරනවා. මහත්තයා තමයි වතුර දාන්නෙ. එයා කාබනික පොහොර හදන්නත් උදවු වෙනවා.

අපට යෝධ බල්ලො දෙන්නෙකුත් ඉන්නවා. මහත්තයා තමයි මුලින් බල්ලන් හදන්න ගත්තෙ. මං බල්ලන්ට බයයි. ඒත් දැන් මං තමයි උන්ව වැඩියෙන් බලාගන්නෙ.

පබා පලිහවඩන අපේ ජ්‍යෙෂ්ඨ විශේෂඥ වෛද්‍යතුමිය වසංගතයක් ගැන කතා කරද්දී පවා ඇත්තේ ලාලිත්‍යයකි. කුහුඹුවකු මෙන් කඩිසර, යකඩ ගැහැනියක සේ බාහර්‍ණඡ්රින් පෙනෙන පබා පලිහවඩන යනු සොඳුරු සිත් ඇත්තියකි. උදෑසන අවදිවූ සැණින් ගෙඋයනට ගොස් පිපී ඇති මල් දෙස බලා සතුටු සිත් පහළ කරගන්නේ සුම්බා නර්තනයෙන් ජීවිතයට රිද්මයක් එක්කරගන්නේ එනිසාය.

කොරෝනා වැනි වසංගතයක් පවතිද්දී පවා පබා පලිහවඩන වෛද්‍යතුමිය ජනතාවට සුබ දසුනක් වීම පුදුමයක් නොවයි. ඇය අභියෝගවලට අභර්‍ණඡ්යෝග කරන්නියකි..4

ඡායා - ටෙනිසන් එදිරිසිංහ