පළමු විවාහ සංවත්සරය සැමරූ ‘විරුෂ්කා’ යුවළ

දෙසැම්බර් 26, 2018

මුළු ලෝකයේම සිහින තාරකාවක් වෙන්නට හැකි වීමත් එසේ මෙසේ භාග්‍යයක් නෙමෙයි. ඒක ඉතිං වාසනාවයි තමන්ගේ උත්සාහයයි මත පදනම් වුණු දෙයක්.

කොහොම වුණත් මේ දෙන්නත් මුළු ලෝකයේම කොල්ලන්ගේ කෙල්ලන්ගේ සිහිනවලට නිතරම එන දෙන්නෙක්. දෙන්නම එක වගේ ජනප්‍රියයි. ක්ෂේත්‍ර දෙකක වුණත් දෙන්නා හමුවෙලා ආදරයෙන් බැඳිලා විවාහත් වුණා. දැන් ඒ විවාහයට අවුරුද්දක් වෙලා.

‘හොඳ සැමියෙක් ලැබුණාම ගැහැනියගේ ජීවිතය දිව්‍ය ලෝකයක් වෙනවා’. බොලිවුඩ් තාරකාවක් වූ අනුෂ්කා ශර්මා තමන්ගේ පළමු විවාහ සංවත්සරය සමරමින් එලෙස සටහන්කර තිබුණා. අනුෂ්කාගේ ආදරණීය සැමියා විරාත් කෝලි, ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායකයා. මේ දවස්වල මේ දෙන්නා ගැන කතාකරන්න විවිධ මාතෘකා තියෙනවා. එකක් ඔවුන් දෙදෙනා තම ප්‍රථම විවාහ සංවත්සරය සැමරීමයි. අනෙක් කාරණාව විරාත් ලෝකයේ හොඳම පිතිකරුවන් අතර ඉදිරියටම ඒමයි.

මේ දෙන්නා විවාහ වුණාට විවාහයේ ඡායාරූප ඒතරම් ප්‍රසිද්ධ කළේ නැහැනේ. ඒත් දෙන්නා එක්ක පසුගිය 11 වැනිදා ඔස්ට්‍රේලියාවේ දි විවාහ සංවත්සරය සමරන ගමන් තමන්ගේ මංගල ඡායාරූප කිහිපයක් සමඟ මංගල දිනයේ ගත් වීඩියෝවකුත් මාධ්‍ය වෙත මුදා හැර තියෙනවා. ඒ විවාහ ඡායරූප නම් ඇත්තටම ලස්සනයි. දෙන්නම බොහොම සුන්දරව ඡායාරූපවලට මුහුණ දී ඇති බව කාටත් පෙනෙනවා. විවාහ සැමරුම ඔස්ට්‍රේලියාවේ දී පවත්වන්න වුණේ, විරාත් තමන්ගේ ක්‍රිකට් කණ්ඩායම සමඟ ඔස්ට්‍රේලියානු සංචාරයක නිරත වීමයි. අනුෂ්කා හිටියෙත් තමන්ගේ ඊළඟ සිනමා සිත්තම වූ ආනන්ද් එල්. රායි ගේ ‘සීරෝ ‘ හි රඟපෑමට එක්වෙමින්.

 

2018/12/26 තරුණි පුවත්පත බලන්න