ආසියාවේ ජනප්‍රියම තරු දහය

ජනවාරි 30, 2019

සුන්දරත්වය කියන්නේ බොහොම සාපේක්ෂ දෙයක්. ඒත් ඉතිං සුන්දර වෙන්න වැඩි කැමැත්තක් දක්වන්නෙත් සුන්දරත්වය ගැන කතා කරන්නෙත් කාන්තාවන්. විශේෂයෙන්ම කාන්තා සුන්දරත්වය ගැන කතා කිරීමේ දී ආසියානු කාන්තාවන් ඉදිරියෙන් ඉන්නවා.

ඒ සඳහා ඇගේ කෙස් කලඹ හා එහි පැහැය, සමේ පැහැය, ඇස්වල පෙනුම වගේම පෞරුසත්වයත් බලපාලා තියෙනවා.

මේ සුන්දර ආසියානු කතුන් අතරින් අපි බොහෝවිට සුරූපී යැයි කියන්නේ නිළියන්ටයි. ඔන්න, දැන් මේ ආසියානු නිළියන්ගේ සුන්දරත්වයත් පෞරුෂත්වයත් සැලකිල්ලට ගෙන ආසියාවේ ජනප‍‍්‍රියම නිළියන් දහ දෙනා නම් කරලා තියෙනවා. ලස්සනට ඉන්න වෙහෙසෙන ඔබත් මේ ලස්සන කතුන් දහ දෙනා කවුරුනදැයි දැන ගන්නට කැමැති ඇතිනේ.

01 ඓෂ්වර්යයා රායි බච්චන්

නිසැකවම ඔබ හිතන ඇය තමයි ඈෂ්. ඒ කියන්නේ ඓෂ්වර්යයා රායි බච්චන්. බොහෝ අය ඓෂ්ව හඳුන්වන්නේ ඉන්දියාවේ ‘මොනිකා බෙලුෂි’කියලයි. මොනිකා බෙලුෂි කියන්නේ ඉතාලි ජාතික නිළියක්, මෝස්තර නිරූපිකාවක්. ඉතින් අෂ්වර්යයා කියන්නේ ඇත්තමට ආකර්ෂණීය තරුවක්.

ඇය භාෂා කිහිපයක්ම කතා කරන්න දක්වන්නේ බුහුටි බවක්. ඒ භාෂා අතර ඉංග‍‍්‍රීසි, හින්දි, දෙමළ, තුලූ, බෙංගාලි, මරාති ආදී භාෂාවන් වෙනවා.

ඒ වගේම ඇය ඉංග‍‍්‍රීසි, හින්දි, දෙමළ මෙන්ම බෙංගාල භාෂාවෙන් නිපදවෙන සිනමා සිත්තම්වල රඟපානවා. 1994 අවුරුද්දේ දී ලෝකයේ ලස්සනම යුවතිය ලෙසින් ලෝක රූප රාජිනී කිරුළ හිමි කරගත්තේ ඇයයි.

02 ක්ලූඩියා ලින්ක්ස්

බොහෝ අය ඇයව හඳුන්වන්නේ ‘පර්සියන් දෙව්දුව’ ලෙසයි. ඇය නිළියක්, ගායිකාවක්, මෝස්තර නිරූපණ ශිල්පිනියක් මෙන්ම භාෂා පරිවර්තිකාවක් ද වනවා.

ඒ වගේම ඇය සමාජ සේවිකාවක් ලෙසින් ඉටු කරන කටයුතුත් ඇගේ ජනප‍‍්‍රියත්වයට හේතුවක්. ඇය ඉරානයේ ටෙහෙරාන් නුවර දී ඉපදුණේ 1982 වසරේ දියි.

03 ශිරිලින් අබ්ඩිනෝර්

මේ ලැයිස්තුවේ තෙවැනි ස්ථානය හිමිකරගන්නේ ලෙබනන් ජාතික නිළියක්, ගායිකාවක් මෙන්ම මෝස්තර නිරූපණ ශිල්පිනියක් වූ ශිරිලින් අබ්ඩිනෝර්. ඇගේ සුරූපි බව නිසා අධ්‍යක්ෂවරු, නිෂ්පාදකයන් නිතරම ඇය පසුපස යනවා. ඒ නිසා ඇය ඉතා ඉක්මනින් ලෙබනනයේ වැඩිම ඉල්ලුමක් සහිත නිළිය බවට පත් වී තිබෙනවා.

04 ෆ්රීඩා පින්ටෝ

මේ නම නුහුරු වුවත් ඇය ඉන්දියන් නිළියක් මෙන්ම වෘත්තීය නැටුම් ශිල්පිනියක් ලෙස ප‍‍්‍රසිද්ධයි. ඒ වගේම ඇය ඉංග‍‍්‍රීසි සාහිත්‍ය හා කලාව පිළිබඳ උපාධිධාරිනියක්. එයින් පෙන්වන්නේ ඇය හැම දෙයටම දක්ෂබව නොවේද?

05 හයීෆා වෙහෙබ්

ඇයත් ලෙබනන් නිළියක් මෙන්ම ගායිකාවක් ද වනවා. ඇය මැදපෙරදිග බෙහෙවින්ම ජනප‍‍්‍රිය තරුවක්. ඒ වගේම ඇය ළමා අවධියේ සිටම ජනප‍‍්‍රිය මෝස්තර නිරූපිකාවක්. වයස අවුරුදු 16 දී ම මිස් සවුත් ලෙබනන් කිරුළ දිනාගත්තේ ඇයයි.

06 ප‍‍්‍රියංකා චොප්රා

ඇය ගැන අමුතුවෙන් කිව යුතු නොවේ. බොහොම සුන්දර ඒවගේම ජනප‍‍්‍රිය හින්දි නිළියක්. ඒ වගේම ඇය ඉංග‍‍්‍රීසි ටෙලි නට්‍යවල වගේම චිත‍‍්‍රපටවලත් රඟපානවා. 2009 වසරේ දී චිත‍‍්‍රපටක් අධ්‍යක්ෂණය කළා. යුනිසෙෆ් සංවිධානයේ සන්නම් තානාපතිනියක්. 2000 වසරේ දී ඇය ලෝකයේම ලස්සන යුවතිය වෙමින් මිස් වර්ල්ඩ් කිරුළ හිමිකරගත්තා.

07 රෂ්ශානා කරව්කා

රෂ්ශානා පාකිස්තානය් උපන් රුසියන් නිළියක්. රඟපෑම පිළිබඳ සුවිශේෂී පසුබිමක් නැතත් එය ඇගේ රංගනයට බාධාවක් වී නැහැ. ඇය වඩාත් ජනප‍‍්‍රිය නූතන නිළියක් ලෙසයි.

08 සබා මුබාරක්

ඇය ජෝර්දානයේ ජනප‍‍්‍රිය තරුවක්. හොඳම අරාබි නිළිය ලෙසින් ද ඇය සම්මාන ලබා තිබෙනවා.

09 සොෆියා බොටෙල්ලා

ඇල්ජීරියාවේ උපන් තරුණ නිළියක්. නැටුම් ශිල්පිනියක්. ඇගේ නැටුම් බෙහෙවින්ම බටහිර ගායිකාවන්ගේ නර්තනයන්ට සමානයි. ඒ නිසා ඇය බොහෝ විට හඳුන්වනනේ නූතන නර්තන ශිල්පින්යක් ලෙසයි.

10 ෂැන්ග් සයයි

ඇය චීනයේ ජනප‍‍්‍රිය නිළියක්. ඒ වගේම ලෝකයේ වඩාත් ජනප‍‍්‍රිය චීන නිළියන් හතර දෙනා අතර ඇගේ නමත් තියෙනවා. ‘ගෙෂාස් ඩයරි‘ හා ‘ද හවුස් ඔෆ් ෆ්ලයිං ඩ‍‍්‍රැගර්ස්’ චිත‍‍්‍රපටවල ඇගේ අපූර්ව රංගනය දැකගත හැකියි.