ප්‍රේම දඩයම ආකර්ෂණීය කරන කඩවසම් හාදයා මහිර් සීගල්

පෙබරවාරි 13, 2019

ඉන්දීය ටෙලි කතාවලට මොනතරම් දොස් කීව ද අපේ රටේ බහුතරය එම කතා මාලාවන්ට වසඟව සිටින බව නම් නොරහසකි. පොඩිත්තාගේ සිට වැඩිහිටියා දක්වා මේ කතා කෙරෙහි ආකර්ෂණය වන්නේ ඒවායේ රඟපාන කඩවසම් තරුණයන් සහ සුරූපී තරුණියන් නිසාමය.

නැතහොත් ඒ බොහොමයක් කතා හරසුන්, සැබෑ ලෝකයට කෙලෙසකවත් නො ගැළපෙන ඒවාය. කෙටියෙන්ම කියනවා නම් මනඞකල්පිත ෆැන්ටසියන්ය. මෙලෙස මනඞකල්පිතයක් වූ මේ දිනවල අපේ රටේ බහුතරයකගේ ආකර්ෂණය හිමිව ඇත්තේ නාග කන්‍යාවන් ගැන කියන නාගීන් කතා මාලාවේ තුන්වැනි අදියර වෙතයි. අපේ රටේ සිරස රූපවාහිනියේ ‘ප්‍රේම දඩයම 3’ නමින් සෙනසුරාදා සහ ඉරිදා දිනවල රාත්‍රී 8.30 සිට 9.30 දක්වා විකාශනය වන මෙම කතාවේ කාගේත් ආදරය දිනූ චරිතයක් වේ නම් ඒ මහිර් සීගල්ය. අහිංසකකම, උතුරා යන සෙනෙහස සමඟ එක්වූ ඔහුගේ කඩවසම්බව මේ තරම් ආර්ෂණයක් ඔහු වෙත හිමිකර දෙන්නට සමත් වී ඇත. ‘නාගීන් 3’ ට මහිර් සීගල් වූවාට ඔහුගේ සැබෑ නම පර්ල් වී පූරි නම් වේ. අම්මාගේ ආදරයට පර්ල් නමින් නම් ලද මේ කඩවසම් කොල්ලා පවුලේ එකම පිරිමි දරුවාය. කුඩා වියේ සිටම සංගීතයට පෙම්බැඳි පර්ල් ගේ එකම සිහිනය වී තිබුණේ නළුවකු වීමයි. එහෙත් පියා එයට තදින්ම විරුද්ධ විය. ඔහු ප්‍රාර්ථනා කළේ එකම කොල්ලා පවුලේ ව්‍යාපාරයට සම්බන්ධ කරගැනීමටය. මෙය ගැටුමක් විය.

අම්මා පූර්ණ සහයෝගය පළ කරන විට පියා විරුද්ධත්වය ප්‍රකාශ කළේ කතා කිරීම අත්හැරීමෙනි. එහෙත් මව මෝටර් රථයක් ද තිළිණ කරමින් පුතා අග්‍රාවල සිට මුම්බායි වෙත එව්වේ නළුවකු වීමට දකින සිහිනය සැබෑකර ගැනීමටය.

සිහින තිබුණ ද කඩවසම් වුවද දහස් ගණනක් අතරින් තැනක් ලබා ගැනීම බොහෝ අසීරුය. ඒ නිසාම පළමුව නිරූපණ ශිල්පියකු ලෙස ද ඉන් අනතුරුව වෙළෙඳ දැන්වීම් සඳහා රංගන දායකත්වය ද සැපයීමෙන් අනතුරුව 2013 වසරේ දී පර්ල් ගේ සිහිනය සැබෑ වෙයි. ඒ අතර ඔහු අනුපම් කේයර් ගේ රංගන පාසලට බැඳී රංගනය ද හැදෑරුවේ ය. සිහින සැබෑ කරමින් ‘ඤඪත ඬඪ දචලචප ඵඥ ඬඩධධඡඵභපචබ’ ටෙලි සිත්තමේ රංගනයට දොර හැරිණි.

 

2019/02/13 තරුණි බලන්න.