මිණි පහන ඔබයි හි කුල්ෆි මෙන්න

පෙබරවාරි 20, 2019

අතීතයේ දී අපේ අම්මලාගේ ප්‍රාර්ථනය වුණේ රුව ඇති දුවෙක් සහ කට ඇති පුතෙක් පවුලට ලැබෙනවටයි. ඒත් කාලයත් සමඟ ඒ සම්ප්‍රදාය වෙනස් වෙලා අද අපේ අම්මලගේ ප්‍රාර්ථනය රුව වගේම කටත් වෙනත් හැකියාවනුත් මේ දෙපිරිසටම පිහිටනවටයි.

ඒ කියන්නේ අද කාලයේ අම්මලගේ ප්‍රාර්ථනය දුවෙක් හෝ පුතෙක් වේවා රුව, දක්ෂකම්, හැකියාවන් හැමදේම පිහිටපු දරුවෙක්ටයි. මේ විදිහේ දරුවන් ගැන කතා කරද්දී මේ දිනවල දෙරණ රූපවාහිනී නාලිකාවේ සෙනසුරාදා හා ඉරිදා දිනවල රාත්‍රී 7.30 ට විකාශය වන ‘මිණි පහන ඔබයි’ ඉන්දීය ටෙලි සිත්තම නරඹනවා නම් මම ඉහත කියපු ආකාරයේ බොහොම හුරුබුහුටි දියණියක් දැකගත හැකියි. දැක්ක ගමන් ආදරේ හිතෙන මේ සුරතල් දියණියගේ නම කතාවට අනුව නම් ‘කුල්ෆි’. ඉන්දියාවේ ස්ටාර් ප්ලස් රූපවාහිනියේ විකාශනය වන ‘කුල්ෆි කුමාර් බජිවාලා’ (ඬභතටඪ ඬභථචප ඡචණඥඹචතච) තමයි අපේ රටේදී මිණි පහන ඔබයි යනුවෙන් විකාශනය වෙන්නේ.

කුල්ෆි අපූරු හඬක් හිමි ළමා ගායිකාවක්. මව අහිමිව විවිධ දුෂ්කරතාවන්ට මුහුණ දෙන මේ දැරිය අවසානයේ නවතින්නේ තම පියා ළඟයි. ඒත් මේ තාත්තාවත් දියණියවත් එකිනෙකා හඳුනන්නේ නැහැ. අසරණ කුල්ෆිට මොනතරම් මිහිරි කටහඬක් තිබුණත් ඒ හඬ නිසා ජනප්‍රිය වෙන්නේ වෙනත් දරුවෙක්. මේ විදිහට ගලාගෙන යන කතාවේ කුල්ෆි ගායනයට දක්වන්නේ අති විශේෂ හැකයාවක්. ඇය සැබෑ ජීවිතයේ දීත් ගායනයට හා නර්තනයට බොහොම ප්‍රියයි. මේ දැරිය මොනතරම් දක්ෂ ද කියනවා නම් ටෙලි සිත්තමට තෝරාගත් පළමු සතියෙම සින්දු 8 ක් තාලයට, නිවැරැදිව ගායනා කරන්න ඉගෙන ගත්තා. කුල්ෆිට ඇත්තටත් හොඳින් සිංදු කියන්න පුළුවන්. ඇය නර්තනය වගේම ගායනයත් හදාරනවා. මේ ටෙලි සිත්තමේ රඟපෑමට අමතරව ඇය ගායනය කරන ගීත ගයන්නේත් ඇය විසින්මයි. ඇය දිනපතා නින්දට යාමට ප්‍රථම රෙකෝඩ් කළ සිංදුවලට ඇහුම්කන් දෙනවා. ඇගේ අම්මා ඇයට ගායනය හුරු කරවන්නත් බොහොම වෙහෙසුණා.

 

2019/02/20 තරුණි බලන්න.