මහරජ කන්සා සරසන පුංචි ක්‍රිෂ්ණා සහ රාධා

මාර්තු 13, 2019

සොඳුරු සිත්තම් දිග හරින ඉන්දීය ටෙලි කතා අතර පැරැණි කතාවලට ඇත්තේ ඉහළ ඉල්ලුමකි. ඒ අතර කාගේත් කතාබහට හා අවධානයට ලක් වූ කතාවක් ලෙසින් ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශනය වන ‘මහ රජ කන්සා’ හැඳින්විය හැකියි.

මේ කතාවේ වැඩි අවධානයත් ආදරයත් හිමිව ඇත්තේ ක්‍රිෂ්ණ කුමරුගේ හා රාධා කුමරියගේ චරිතවලටයි. මෙම චරිත රඟපාන පොඩිත්තෝ දෙන්නගේ ඇති දඟකාර බවත් හුරතලයත් නිසා අපේ රටේ පොඩිත්තන්ගේ පමණක් නොව වැඩිහිටියන්ගේ ආකර්ෂණයත් ඒ කෙරෙහි යොමු වී ඇත. ඒ නිසාම මේ පොඩිත්තෝ දෙන්නාගේ වගතුග දැනගන්න හුඟාක් අය කැමැත්තෙන් පසුවෙනවා. සමහර අය හිතන්නේ ක්‍රිෂ්ණ කුමරුගේ චරිතය රඟපාන්නෙත් පොඩි ගැහැනු දරුවෙක් කියලායි. ඒත් ඒ මතය වැරැදියි.

සෙල්ලම් කිරීමට මෙන්ම පුංචි පුංචි දඟවැඩ කිරීමට ද විහිළු තහළු කරමින් සැවොම සිනා ගැන්වීමට ද උපන් හපන්කම් ඇති පුංචි දඟයකු වූ ක්‍රිෂ්ණා කුමරුන්ගේ කුඩා කාලයේ චරිතය සඳහා රංගනයෙන් දායක වන නිර්නායි සමාධියා නම් සුරතල් පැංචෙකි. 2011 අවුරුද්දේ ඔක්තෝබර් 1 වැනිදා උපන්, මේ වනවිට වයස අවුරුදු 7 ක් වන පුංචි නිර්නායි මහරජ කන්සා ටෙලි නාට්‍ය මාලාවට එක්වන විට ඔහුගේ වයස අවුරුදු හතරකි. ඒ වනවිට ඔහු ඉන්දීය රූපවාහිනී නාළිකාවක් වන සෝනි ටීවී හි විකාශය වූ ‘සබ්සේ බඩා කලාකර්’ නම් වූ රියැලිටි වැඩසටහන හරහා සමස්ත ඉන්දියාව පුරාම ප‍‍‍්‍රසිද්ධියට පත් වී සිටි ළමා තරුවකි. එම වැඩසටහනේ විනිසුරුවරුන් වන රවීනා තන්ඩන්, බෝමන් ඉරානි සහ අර්ෂාඕ වර්ෂි පුදුමයට පත් කළ ළමා තරගකරුවකු ලෙස ද මේ පැංචා හැඳීන්විය හැකියි. එහි විවිධ චරිත දහයකට අධික සංඛ්‍යාවක් සඳහා ඉදිරිපත් කිරීම් කළ ද නිර්නායි ට අවසන් තරගකරුවන් දොළොස් දෙනා අතරින් ඉවත්ව යන්නට සිදු විය.

 

2019/03/13 තරුණි බලන්න.