මම දැන් ආදරණීය පවුලක හිමිකාරියක්

මාර්තු 20, 2019

කාලයේ වැලිතලාවට ආදරණීය මතකයන් මකාලිය නොහැකි බවකි. ළබැඳි රංගන ශිල්පිනී සසන්ති කලාවට සමුදී බොහෝ කලකි. එහෙත් ඇගේ ආදරණීය මතකය දයාබර රසික සිත් සතන් අතැර ගොස් නැත. පුරා දස වසකට පසු මවුබිමට පා තැබූ සසන්තිට යනෙන කොතැනකදීත් රසික ආදරයේ අඩුවක් නැත.

මේ සුවහස් රසික ප්‍රජාවගේ හදවත් පොපියන්නේ සසන්තිගේ නවක තතු දැනගැනීමේ කුතුහලයෙන් බව නොරහසකි. ඉදින් අපි 'ඉතින් කොහොමදැයි' අසන්නට සසන්තිගේ මවුබිමේ කැදැල්ලට පිවිසුනෙමු.

ජීවිතය හීනයක් වාගෙයි. කාලය බොහොම වේගයේ ගෙවිලා. මං එංගලන්තයේ පදිංචියට ගියේ මීට අවුරුදු දාසයකට පෙරයි. මෙවර ලංකාවට ආවේ අවුරුදු දහයකට පසුවයි. ඇත්තටම මගේ රසිකයන් මං එනතුරා හිතේ තියාගෙන තිබූ ආදරය මට අදහා ගන්න බෑ. යනෙන කොතැනකදීත් රසිකයන් බොහොම ආදරණීයව කතා කරනවා. මාත් එක්ක සෙල්ෆි ගන්නවා. රංගන ශිල්පිනියක් ලෙස මේ විඳින අත්දැකීම මට දැන් නුහුරුයි වගේ. ඒත් කලා ශිල්පිනියක් ලෙස ගෙවූ ලස්සන මතකයටත් රසිකයන්ගේ ආදරයටත් මං හදවතින්ම ආදරෙයි.

මං ජීවිතයේ ගත් හැම තීරණයක්ම ඉතාම නිවැරැදියි කියලයි හිතන්නේ.

එදා මං එංගලන්තයට පදිංචියට යද්දී පුතා අවුරුදු තුනක පුංචි බබෙක්. කලාවට සමුදී පටන් ගන්නා අලුත් ජීවිතය මට අභියෝගයක් වුණා.

අම්මා තාත්තාගේ වගේම මගේ සහෝදරයන් දෙදෙනාගේ උදව් නිසා මේ අභියෝගයට මුහුණ දෙන්න මට ශක්තිය ලැබුණා.

2019/03/20 තරුණි පුවත්පත බලන්න.