ලොව ළාබාලතම කෝටිපතිනිය කයිලී

මැයි 1, 2019

ඔබ දක්ෂයෙක් නම් වයස, ස්ත්‍රී පුරුෂභාවය මේ කිසිවක් සාර්ථකත්වයට අදාළ වෙන්නේ නැහැ.

අවශ්‍ය එකම දේ ඔබේ උත්සාහය සහ උනන්දුව පමණයි.

අවශ්‍ය සෙසු සියලු දේ නොදැනුවත්වම ඔබ ළඟටම එයි. මේ කාරණයට හොඳම උදාහරණයක් පසුගියදා මාධ්‍ය ඔස්සේ අනාවරණය වුණා.

ඒ වයස 21ක් වූ රූමත් තරුණියක් ලොව ළාබාලතම කෝටිපතිනිය වී ඇති පුවතයි. මේ ඇගේ කතාවයි. උත්සාහ කරන්න. ඇගේ කතාවෙන් ඔබේ කතාවට වැදගත් යමක් එකතු කරගන්න.

 

විසි එක් හැවිරිදි කයිලී ජෙනර් ලොව ළාබාලතම කෝටිපතිනිය ලෙස පසුගියදා නම් කෙරුණා. ඇය අමෙරිකානූ ජාතික රංගන ශිල්පිනියකි.

කයිලී මෙලෙස කෝටිපතිනියක බවට පත්ව ඇත්තේ ඇයගේම රූපලාවණ්‍ය නිෂ්පාදනාගාරය නිසායි. “කයිලී කොස්මැටික්(Kylie Cosmetics)  වෙළෙඳ නාමය යටතේ රූපලාවණ්‍ය නිෂ්පාදන අලෙවි කිරීමේ ආයතනයක් පවත්වාගෙන යන ඇය සමාජ ජාල මාධ්‍ය ඔස්සේ ඉතාමත් ප්‍රසිද්ධියට පත්ව සිටී.

බෲස් ජෙනර් (Bruce Jenner) ට සහ ක්‍රිස් ජෙනර්ට (Kris Jenne) ට දාව කයිලී ජෙනර් උපත ලබා තිබේ.

2019/05/01 තරුණි බලන්න.