නිහැඬියාවකින් පසු ශේෂාද්‍රි යළිත් කලා ලොවට

මැයි 15, 2019

දිනක්ෂි, ශේෂාද්‍රී සහ ශනුද්‍රී කලා පවුලක ඉපදී කලා ලොවට පිය නඟන්නට වාසනාවන්ත වූ සොයුරියන් තිදෙනෙකි. ඉක්ම ගිය සිවු වසර තිස්සේම ශේෂාද්‍රිගේ රුව පුංචි තිරයේ හෝ රිදී තිරයේ ඇඳුනේ නැත. එනමුදු දිගු නිහැඬියාවකට පසුව යළිත් කලා ලොවට පියනඟන ශේෂාද්‍රි ළබැඳි රසික ඔබ වෙනුවෙන් ඇගේ තොරතුරු කියන්ටන තරුණී හා සංලාපයකට එක් වූයේ මෙලෙසයි.

පුංචි කාලයේ පටන්ම මට කලාව ආගන්තුක නැහැ. ඒ අපේ තාත්ති දිනේෂ් ප්‍රියසාද් චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වන නිසායි. ඒත් තාත්තිට දූවරුන් තුන්දෙනාව රංගනයට එකතු කරන්න අපේක්ෂාවක් තිබුණේ නැහැ. පුංචිම කාලයේදී මං මටත් රඟපාන්න ඕනෑ කියලා හිතුවා. ඒත් දැනුම් තේරුම් ඇති වයසට එද්දී මට ඕනෑ වුණේ අධ්‍යාපනය ලබලා ඉන් වෘත්තිය ජීවිතයක් ගොඩනඟා ගන්නයි.

මේ අතර ගුරුවරියක්, වීමේ ව්‍යාපාරයක් කිරීමේ වගේ අනාගත හීනවලත් හිටියා. ඒත් අක්කිටත් මටත් නංගිටත් කලාවට යොමුවීමේ පිහිටීමක් උපතින්ම තියෙන්න ඇති. අපි තුන්දෙනාටම රංගනයට එකතු වෙන්න නොසිතූ ලෙස අවස්ථාව ලැබුණා. නංගි රංගනයට එකතු වුණේ වයස අවුරුදු තුනහමාරක ළදැරියක්ව සිටියදීයි. ඒ තාත්තා අධ්‍යක්ෂණය කළ “ඔන්න බබෝ” චිත්‍රපටයෙනුයි.

 

2019/05/15 තරුණි බලන්න.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.