Sirasa Super Mom 25 වැනිදා සිට

මැයි 22, 2019

ශ්‍රී ලාංකේය රූපවාහිනී රසිකත්වයට අතිශය නැවුම් අත්දැකීම් ප්‍රමුඛව සහ ප්‍රබලව සමිප කරවූ සිරස ඊඍ නාලිකාව සෞන්දර්යයාත්මක පෙරළි රැසක් ඇති කළ, අනුකරණය පසෙකලා නව්‍යකරණයේ ප්‍රමුඛයා ලෙසින් රටට තරු හැදූ ශී‍්‍ර ලාංකේය ටෙලිවිෂනයේ විප්ලවීය මුද්‍රාවයි.

ලාංකේය ටෙලිවිෂනය උඩු යටිකුරු කළ පළමු රියැලිටි උන්මාදය Sirasa Super Star  වැඩසටහනෙන් අනතුරුව අති දැවැන්ත, එකිනෙකට වෙනස් ආකෘතීන් ඔස්සේ නිර්මිත රියැලිටි වැඩසටහන් ගණනාවක් සිරස TV  සිය ආදරණීය ප්‍රේක්ෂකයින්ට තිළිණ කළේය. තරු Sirasa Dancing Star” ” නර්ථන කරළියේ ප්‍රථම රියැලිටි පෙරළිය “ , සුන්දරත්වයේ රූ අභිෂේකය “සිරස කුමරිය”, ප්‍රථම ජාත්‍යන්තර වරලත් රියැලිටි සන්නාමය “සිරස ලක්ෂපති“, ලොව අංක එකේ රියැලිටි ආකෘතියේ ශ්‍රී ලාංකේය සන්නාමය “Sri Lanka Got Talent වැනි වැඩසටහන් ඔස්සේ සිරස වේදිකාවට පමණක් නොව අන් වේදිකාවලට ද නැතුවම බැරි, රටක් වටින තරු පොකුරක් බිහිකළ අභිමානනීය නාලිකාවේ නවතම රියැලිටි ඊඍ පෙරළියයි “Sirasa Super Mom” මවකගේ ආදරයත්, පොඩ්ඩන්ගේ හුරතලයත්, නර්තනයේ අපූර්වත්වයත් එකම වේදිකාවකදී අභිසෙස් ගැන්වෙන “Sirasa Super Mom” ඔස්සේ කළඑළි බසින්නේ ගෞරවාන්විත මවක සහ දරුවකුගේ සුසංයෝගී නර්ථන අසිරියයි.

“Sirasa Super Mom” හි අද්විතීය විනිශ්ච මණ්ඩලය ලෙස කටයුතු කරන්නේ වේදිකාව, සිනමාව සහ පුංචි තිරයේ සිය විශිෂ්ට රංගන වින්‍යාසයන් සහ නර්තන හැකියාවන් ප්‍රකට කළ සම්මානනීය, ජනපි‍්‍රය රංගන ශිල්පිනියන් දෙපළක් වන දුලීකා මාරපන, නෙහාරා පීරිස් සමඟ රංගන ශිල්පී පුබුදු චතුරංගයි.

පරපුරක දක්ෂයන් සිය සහජ උරුමක්කාරයන් සමඟ විශ්වීය චලන රිද්මයේ අපූර්වත්වය සොයා යන අතිශය නවමු, අති දැවැන්ත, නිර්මාණශීලී “Sirasa Super Mom” මැයි 25 වැනි සෙනසුරාදා සිට සෑම සති අන්තයකම සවස 6 සිට සිරස ඊඍ ඔස්සේ නැරඹිය හැකියි.