දූවරුවන් දහස් ගණනකට පියෙක් වූ රන් හදවතක් සහිත මිනිසා

ජුනි 12, 2019

පියවරුන් නැති දියණියන් දහස් ගණනකට පියෙක් වූ ආදරණීය මිනිසකු ඉන්දියාවේ ගුජරාටි ප්‍රාන්තයේ භාවුනගර් නම් වූ නගරයේ දී හමුවෙනවා.

ඒ ‘රන් හදවතක් සහිත මිනිසා’ ලෙසින් ප්‍රසිද්ධියට පත්ව සිටින මහේෂ් ශවානි. දියමන්ති වෙළෙඳාම, දේපළ වෙළෙඳාම සහ අධ්‍යාපන යන අංශවල ඉතා සාර්ථක ව්‍යාපාරිකයකු වන මහේෂ් ඔහුගේ මානවහිතවාදී ක්‍රියාකලාපය නිසා බොහෝ දෙනකුගේ කීර්තිය හිමිකරගෙන සිටියි. පියකු නොමැති යුවතියන්ගේ සියලුම විවාහ මංගල්‍ය බරපැන දැරීම ඔහු විසින්ම භාරගෙන ඇත. දැනට තරුණියන් 2000 කට වඩා වැඩි ගණනකගේ විවාහ කටයුතු සඳහා ඇවැසි පියකුගේ භූමිකාව ඔහු ඉටුකර ඇත්තේ සැබෑ පියකුගේ සෙනෙහසිනි.

මෙවැන්නක් සඳහා මඟපෑදීම සිදුවූයේ ද අහඹුවකිනි. ඒ මහේෂ්ගේ සොහොයුරා මීට දශකයකට පමණ පෙර අහිමි වීමෙන් පසුවයි. ඊශ්වර් ශවානි නම් සිය සොහොයුරාගේ හදිසි අභාවය නිසා ඔහුගේ දියණියගේ විවාහ මංගල්‍යය සිදුකිරීම ගැටලුවක් බවට පත් වී තිබේ. ඒ දියණියන් සඳහා රන් ආභරණ සෑදීමට දී තිබුණත් සියලු මුදල් ගෙවා නොතිබුණි. ඊට පෙර හදවත් රෝගයකින් සිය සොහොයුරා මිය යයි. රන් ආභරණ ලබා දීමට රන්කරු සියලු මුදල් ඉල්ලයි. එහෙත් පියා නොමැති පවුලට එය ගැටලුවක් වෙයි. ඒ අවස්ථාවේදී ඒ සඳහා සියලු මුදල් මහේෂ් විසින් ගෙවා සිය සොහොයුරා විසින් ඉටුකළ යුතු සියලුම යුතුකම් ද නො පිරිහෙළා ඉටු කරයි. සිය පවුලේ විවාහ මංගල්‍යයක් නිසා එය ඉතා පහසු කටයුත්තක් වූ නමුත් මෙම සිදුවීම ඔහුගේ සිත් කම්පාකරවන්නට සමත් විය.

 

අන්තර්ජාලයෙනි

 

2019/06/12 තරුණි බලන්න