රංගනයට ආවේ නැතිනම් නීතිඥවරියක වීමේ සිහිනයක් තිබුණා

ජුනි 26, 2019

දෙ වෙනි ඉනිම ටෙලිනාට්‍යයේ ‘දෙව්මි’ ව දැන් නොදන්නා කෙනෙක් නැහැ. එතරම්ම ඈ ජනපි‍්‍රයයි. මේ දෙව්මියි අවන්තයි අතරට සරසවි මිතුරකුත් ඇවිත්. දෙවෙනි ඉනිම නරඹන පේ‍්‍රක්ෂකයන් දෑස් දල්වා බලාසිටින්නේ දෙව්මිගේ ආදරය කාට හිමිවේදැයි දැඩි කුතුහලයකින්. හැඩකාර, කටකාර දෙව්මි ‘තරුණී’ හා ළෙන්ගතු කතාබහකට එකතුකර ගත්තේ මේ ගැනත්, ඇගේ සැබෑ ජීවිතයේ අලුත්ම තොරතුරුත් දැන ගැනීමටයි.

ඔබ ‘දෙව්මි’ ද ? ‘නයනතරා’ ද?

මම තිමානි නයනතරා වික්‍රමආරච්චි. දෙව්මි ඉන්නෙ දෙවෙනි ඉනිමෙනෙ.

එහෙනම් ඔයා ඉන්නෙ කොහෙද?

මගෙ ගම සඳලංකාව. දැන් පදිංචි වෙලා ඉන්නෙ අතුරුගිරියෙ.

ඔබ අධ්‍යාපනය ලැබූ පාසල කුමක්ද?

පාසල් කීපයකටම ගියා. මුලින්ම ගියේ යක්කල අනුර විද්‍යාලයටත් ඊළඟට සඳලංකාව මධ්‍ය මහා විද්‍යාලයට. උසස් පෙළ කළේ වැලිවේරිය මද්දුම බණ්ඩාර විද්‍යාලයෙන්.

නයනතරා එකපාරටම දෙව්මි වුණේ කොහොමද?

ප්‍රභාත් චතුරංග කියන මගේ සහෝදර ශිල්පියකුගේ මාර්ගයෙන් දෙරණ පිරිවර හඳුනාගන්න ලැබුණා. දෙරණ උප සභාපති ලක්සිරි වික්‍රමගේ, දෙවෙනි ඉනිම අධ්‍යක්ෂ සාරංග මෙන්ඩිස්, පිටපත් රචක සමන් එදිරිමුණි අයියා වගේ අයගේ අනු දැනුමෙන් නයනතරාව ‘දෙව්මි’ වුණා.

ඒත් මේ ඔබේ මුල්ම රංගනය නොවෙයි ?

ඔව්. මම මුලින්ම රංගනයට එකතු වුණේ ජය ප්‍රකාශ් සිවගුරුනාදන් මහත්මයාගේ ‘හංස පිහාටු’ ටෙලි නාට්‍යයෙන්. ඊටපස්සෙ සමන් කුමාර ලියනගේ අධ්‍යක්ෂවරයාගේ ‘එරන් ලන්දු’ ටෙලි නාට්‍යයේත් චරිතයක් රඟපෑවා. දෙවෙනි ඉනිම මගේ තුන්වැනි ටෙලි නාට්‍යයයි

කොහොම නමුත් ඔබට වාසනාව ගෙනාවේ මේ දෙව්මි නේද?

ඇත්තෙන්ම ඔව්. දෙව්මිට පෞද්ගලිකව මමත් ආදරය කරනවා. ඒ චරිතය ආදරයෙන් රඟපානවා. ඒනිසා වෙන්න ඇති දෙව්මිට මේ තරම් ප්‍රේක්ෂකයන් ආදරය කරන්නේ.

ඉකුත් වසර කීපයේදීම ජනපි‍්‍රයම නිළිය වුණේ ඔබයි.... ඒ ගැන මතකය අවදි කළොත්

කලා ක්ෂේත්‍රයට පිවිස ඉතාමත් කෙටි කාලයකදී ජනපි‍්‍රයම නිළිය ලෙස සම්මානනීය වීම මා ලැබූ භාග්‍යයක්. ඒ සතුට වචනයෙන් විස්තර කරන්න බැරි තරම්. මා මුලින්ම 2016 වසරේ රයිගම් සම්මාන උලෙළේ ජනපි‍්‍රය නිළියත්, එම වසරේම සුමති සම්මාන උලෙළේ ජනපි‍්‍රය නිළියත් ලෙසින් කිරුළු පැලැඳියා. 2016, 2017 සහ 2018 යන වසර තුනේදීම ස්ලීම් නෙල්සන් අවෝඩ් ඇක්ටර් ඔෆ් ද ඉයර් (ඉතඪථ ව්ඪඥතඵඥද චඹචපඤ චජබපඥඵඵ ධට බඩඥ රඥචප) සම්මානය හිමිවුණෙත් මටයි.

ඡායාරූප - තුෂාර සංජීව

2019/06/26 තරුණි බලන්න