වනිතා විත්තියෙන්

සැප්තැම්බර් 4, 2019

 

ශ්‍රී නාමය රැඳවූ පෙරළිකාරිය

 

ඒ යුගය ගැන මතක් වන විටත් සිතට දැනෙන්නේ ලොකු සතුටකි. ඒ එක්දහස් නවසිය පනස් ගණන්වල මැද භාගයයි. බුද්ධිමත් කාන්තාවන්ට කියවීම සඳහා පුවත්පතක් බිහිවිය. එය ඒ යුගයේ පළ වූ පළමු කාන්තා පුවත්පත විය.

එය වනිතා විත්තිය. 1957 එහි මංගල කලාපය බිහිවූයේ ශි‍්‍රයා අක්කා එහි කතුවරිය බවට පත්කරමිනි. මහාචාර්ය තිලක් රත්නකාර සමඟ විවාහවීම නිසා ඈ ශි‍්‍රයා රත්නකාර බවට පත්විය. එහෙත් ඇගේ මුල් නම සිරිසීලී ශි‍්‍රයාලතා ජයසේනය. ඒ පියාගෙන් ලැබූ වාසගමත් සමඟය.

ශි‍්‍රයා අක්කා ලද ලොකුම වාසනාව වූයේ ශ්‍රී ලංකාවේ මෙතෙක් බිහිවූ ශ්‍රේෂ්ඨතම පුවත්පත් කලාවේදියා යටතේ වැඩ කරන්නට පුවත්පත් කලාවේ අයනු ආයනු කියන්නට ලැබීමය.

ශි‍්‍රයා අක්කා මට අත දුන් බව පවසද්දී මා ගැනත් පුංචි පුරාජේරුවක් කරන්නට සිදුවේ. මා වනිතා විත්තියට ලියූ හැම රචනයක්ම වාගේ පළවිය. නැතිනම් හොඳ රචනා ලියූ නාම ලේඛනයේ නම හෝ පළ විය. ඒ ශි‍්‍රයා අක්කාගේ පුවත්පතේ ළමයින් සඳහා වෙන්වූ බිංදුගෙ තීරයේයි. ඒ අතර ශි‍්‍රයා අක්කා ‘ටිකිරි කතා’ නම් පුංචි කතා තීරයක් ද පළ කළාය. ටිකිරි කතාව කෙටිකතාවකින් දහයෙන් එකක් පමණ වූ එකකි. මා ලියූ ටිකිරි කතා සියල්ලම වාගේ වනිතා විත්තියේ පළවිය. එවකට මා පාසල් ශිෂ්‍යාවකි.

1956 වර්ෂයේ පැවැති බුද්ධ ජයන්තිය වෙනුවෙන් කරු අයියාගේ ළමා පිටියෙන් පැවැත්වූ බුද්ධ ජයන්ති රචනා තරගයෙන් සාමාන්‍ය පෙළ පන්තියේ ඉගෙනුම ලැබූ මම ප්‍රථම ස්ථානය ලැබූවෙමි. එයට ද ශි‍්‍රයා අක්කාගෙන් ලොකු අගය කිරීමක් ලැබිණි. මා ලද ඒ ජයග්‍රහණයෙන් පසු මා වටා එක්වූ පෑනේ මිතුරු මිතුරියන් සමඟ ‘ටිකිරි’ නමින් අතින් ලියූ සඟරාවක් පළ කළෙමි. පිටපත් 7ක් අතින් ලියා එකිනෙකාට තැපැල් කළ මේ සඟරාවට මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර, එම්.එම්. ස්වර්ණලතා, ඇමසන් හිප්පොල හා අද ජීවතුන් අතර නැති බොහෝ දෙනෙක් ලිපි සැපයූහ

2019/09/04 තරුණි බලන්න

මට අත දුන් ශි‍්‍රයා අක්කා

 

ඡායාරූපය

තිලානි ශානිකා