මං ගුරුවරියක් වෙන්න ආසයි

මේ දවස්වල ගොඩක් ජනපි‍්‍රය චූටි දූ.... සනුජි ලියන්සා
ඔක්තෝබර් 2, 2019

මේ දිනවල විකාශය වන ‘පාවෙලා වලාකුළේ ඒවිද අම්මා’ නාට්‍යයේ බොහෝ දෙනාගේ ආදරය දිනාගත් ඒ පුංචි රංගන ශිල්පිනිය සනුජි ලියන්සා ඒකනායක. ඒ නමින් හඳුනන පිරිසටත් වඩා ඇය ජනපි‍්‍රයව සිටින්නේ ‘චූටි දූ’ ලෙසින්.

කොළඹ විශාඛා බාලිකා විද්‍යාලයේ දෙවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන මේ පුංචි රංගන ශිල්පිනිය පසුගිය දා ‘තරුණී’ කර්තෘ මණ්ඩලයට පැමිණියා. පුංචි තිරයේ දී තොරතෝංචියක් නැතිව කතාකළත් ඇගේ කටහඬ අවදි කරගන්නට අපට සෑහෙන්න වෙහෙසෙන්න වුණා.

කොහොමද සනුජි ?

හොඳින් ඉන්නවා.

මේ දවස්වල සනුජි, චූටි දූ විදිහට ගොඩක් ජනපි‍්‍රයයි නේද?

ඔව්. දැන් හැමෝම මට කතා කරන්නේ චූටි දූ කියලා. සමහර අය විහඟි කියලත් කියනවා.

‘පාවෙලා වලාකුළේ ඒවිද අම්මා’ නාට්‍යයේ චූටි දූගේ චරිතය ලැබුණේ අහම්බෙන් නේද?

අම්මා මගේ ෆොටෝ එකක් ටඡ දාලා තිබුණා. ඊට පස්සේ දෙරණ ආයතනයේ ඉන්න අම්මගේ යාළුවෙක් මගේ ඒ ෆොටෝ එක දැකලයි මට කතා කළේ. ඊට පස්සේ මට මේ චරිතය ලැබුණා.

කැමරාව ඉස්සරහ රඟපාද්දි බයක් දැනුණේ නැද්ද?

නැහැ. මම ආසයි රඟපාන්න. ඒ නිසා පොඩ්ඩක්වත් බය හිතුණේ නෑ. කියලා දෙන දෙබස් මම කට පාඩම් කරන්නේ නැහැ. එක පාරක් කියල දුන්නම මතක හිටිනවා.

රඟපාන්න ආවම සනුජිට හම්බවුණු හොඳම යාළුවා කවු ද?

පාවෙලා වලාකුළේ නාට්‍යයේ මගේ පුංචිගේ චරිතයට රඟපාන දමිත්‍රි නැන්දි මගේ හොඳම යාළුවා. එයා මට ගොඩක් ආදරෙයි. ඒ වගේම නිරාශාගේ චරිතය රඟපාන නදුනි නැන්දිත්, ඩොක්ටර් අනුරාධිගේ චරිතය රඟපාන හිරුෂි නැන්දිත් මගේ යාළුවෝ වගෙයි.

සනුජිට දැන් ගොඩක් අය ආදරෙයි කියලා ආරංචියි.....

ඔව්, ඉස්කෝලේ අනිත් පන්තිවල අක්කලා, නංගිලා ඇවිත් නිතරම මාව බලල යනවා. නාට්‍යයේ විදිහට රඟපාලා පෙන්නන්නත් කියනවා. ගොඩක් අය මට කෝල් කරලා සුබ පතනවා. ඒ වගේම ගොඩක් මාමලා, නැන්දිලා මාත් එක්ක සෙල්ෆි ගහන්නත් ආසයි. මඟදි මාව දැක්කොත් මාත් එක්ක ඉඳලා සෙල්ෆි එකක් ගන්නවාමයි.

සනුජිගේ හොඳම යාළුවා කවු ද?

අපේ ඉස්කෝලේ ඉන්න සරලි කියලා යාළුවෙක්. එයා මගේ පන්තියේමයි ඉන්නේ. එයා තමයි මගේ හොඳම යාළුවා.

සනුජි රඟපානවා දැකලා යාළුවෝ මොකද කියන්නේ ..?

මම ලස්සනට රඟපානවා කියලා යාළුවෝ කියනවා. එයාලවත් පොඩි කොටසකට හරි ගන්න බැරි ද කියලත් අහනවා.

පාවෙලා වලාකුළේ ඒවි ද අම්මා නාට්‍යයේ චූටි දූ වගේම සනුජිත් කටකාර ද?

නාට්‍යයේ චූටි දූගේ චරිතයෙයි මගෙයි අතර ලොකු වෙනසක් නැහැ. මගේ ඉස්කෝලේ යාළුවොත් කියනවා මං ටිකක් දඟකාර, කටකාර කෙනෙක් කියලා.

චරිතය කරද්දි අමතක නොවන සිදුවීම් ඇති නේද?

ඔව්. මගේ පුංචිට රඟපාන දමිත්‍රි නැන්දි මාව දාලා යන දෙබසක් තිබුණා. එදා එයා මාව දාලා යද්දි මට ඇත්තටම ඇඬුණා. ඒ වෙලාවේ මං ගොඩක් සංවේදී වුණා.

මේ නාට්‍යයේදී ඩොක්ටර් අනුරාධි, නිරාශා සහ පුංචි යන තුන් දෙනාම චූටි දූගේ අම්මා වෙන්නනේ උත්සාහ කරන්නේ. ඒ චරිතය තුළදී කවුරු අම්මා වෙනවට ද කැමැති...

පුංචිගේ චරිතය රඟපාන දමිත්‍රී නැන්දි අම්මා වෙනවට කැමැතියි. චූටි දූගේ අම්මගේ පෙනුමනේ එයාට තියෙන්නෙත්. චරිතයේ දී වගේම ඇත්ත ජීවිතයේ දීත් එයා මට ආදරෙයි. නිරාශා නැන්දිටත් මං කැමැතියි.

සනුජි ආසම විෂයය මොකක් ද?

මං සිංහල විෂයයට ආසයි. ගණිතය ටිකක් අමාරු වුණාට මං ගණිතයටත් කැමැතියි.

රංගන කටයුතු නිසා පාසල් අධ්‍යාපන කටයුතු මඟහැරෙන්නේ නැද්ද?

 

ඡායාරූප - ශාන් රූපස්සර2019/10/02 තරුණි බලන්න