යුසේන් බෝල්ට් ගේ අලුත්ම පදක්කම

ජුනි 17, 2020

 තමන් පියකු වන සුබ ආරංචිය ඔහු මුලින්ම ලොවට රැගෙන ආවේ ජනවාරි මාසයේය. ඉන්ස්ටග්‍රම් වෙබ් අඩෙවියේ ඔහු මෙසේ සටහනක් තබා තිබිණි. "මට කියන්න තියෙන්නෙ මෙච්චරයි. රජෙක් හරි රැජිනක් හරි ළඟඳීම මෙහාට එනවා." තිස්තුන් හැවිරිදි වේග රජුට මුළු ලෝකයෙන්ම උණුසුම් සුබ පැතුම් ගලා එන්නට විය.

පවන ද පරදන වේගය ඔහුට නුහුරු නුපුරුදු නැත. යුසේන් බෝල්ට්ට පිට පිට තෙවරක්ම ඔලිම්පික් පදක්කම් දිනා අසම සම ලෝක වාර්තාවකට හිමිකම් කීය. ලෝක කුසලානය එකොළොස් වරක් දිනා ගත්තේය. ඔහුට ලෝකයේ සාර්ථකම ක්‍රීඩකයා බවට පත්වීමට හැකි වුණේ එබැවිනි.

අට වරක්ම ඔලිම්පික් රන් පදක්කම් දෝතට ගත් ඔහු නොබෝදා ඒ සියලු පදක්කම්වලට වඩා අගනා ජීවන පදක්කමක් ළමැදට තුරුලුකර ගත්තේය. යුසේන් බෝල්ට්ගේත් දිගු කාලීන පෙම්වතිය කැසී බෙනට්ගේත් කුළුඳුල් දියණිය ඒ ආදරණීය ජීවන පදක්කමයි. 2020 මැයි 17 වැනිදා උපන් මේ දියණියට තවම නමක් තබා නැත.

තමන් පියකු වන සුබ ආරංචිය ඔහු මුලින්ම ලොවට රැගෙන ආවේ ජනවාරි මාසයේය. ඉන්ස්ටග්‍රම් වෙබ් අඩෙවියේ ඔහු මෙසේ සටහනක් තබා තිබිණි. "මට කියන්න තියෙන්නෙ මෙච්චරයි. රජෙක් හරි රැජිනක් හරි ළඟඳීිම මෙහාට එනවා." තිස්තුන් හැවිරිදි වේග රජුට මුළු ලෝකයෙන්ම උණුසුම් සුබ පැතුම් ගලා එන්නට විය. කැසී වෙනම ඇයගේ පිටුවේ සිය ඡායාරූපයකුත් සමඟ උතුරා යන දරු සෙනෙහස වැකි තුනකට ගොනුකර තිබිණි. "අපේ රත්තරන් දරුවා ඉක්මනින් පැමිණෙනවා. අපේ මහා සැමරුම - අපේ ලොකුම ආශීර්වාදය" ඒ වාක්‍ය සටහන්ව තිබුණේ කැසී රත් පැහැ දිගු ගවුමක් ඇඳ දරු ගැබ ආදරයෙන් පිරිමදින සුන්දර ඡායාරූපයක් සමඟය.

බෝල්ට් කැසීට පෙම් කරන බව ලොවට රහසක් වශයෙන් තබා ගැනීමට උත්සාහ ගත්තේය. එහෙත් මීට පස් වසරකට පෙර මාධ්‍යයේ උකුසු ඇසට හසු විය.

එසේ තිබියදීත් වේග රජුගේ දෙනෙත් වේගයෙන් රූමත් තරුණියන් පසුපස හඹා ගියේ ඇතැම් තරුණියන්ගේ සිත්වල ඔහුගේ රැජන වීමේ බලාපොරොත්තු දල්වමිනි. කොතෙක් සුන්දර ලාලනියන් ඇසුරු කළ ද ඔහු අග රැජන ලෙස හැඳීන්වූයේ කැසිවය. යුසේන් තමන් ගේම දරුවකු පිළිබඳ සිහින මැවිවේ කලක පටන්ය. 2016 දී පීපල්ස් සඟරාව සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී ඔහු පැවසුවේ තමන්ට දරුවන් තුන්දෙනෙක් අවශ්‍ය බවය. දෙවසරකට පෙර විශ්‍රාම ගැනීම නිසා තම සිහින මල්පල ගැන්වීමට අවස්ථාවක් උදාවී තිබේ.

අන්තර්ජාලයෙනි

 

2020/06/17 තරුණි පුවත්පත බලන්න.