වැඩුණු ඩෙන්ඩ්‍රෝබියම් පැළ නඩත්තු කරන්නේ මෙහෙමයි

උඩවැඩියා මල් ලෝකය
සැප්තැම්බර් 29, 2021

ඔබ ඕකිඩ් පැළය බඳුන මැද්දට වන්නට තබා සිටුවා ගත යුතු අතර පැළය සිරස්ව තබා ගන්නට වගබලාගන්න.

ඩෙන්ඩ්‍රෝබියම් වර්ගයේ ඕකිඩ් පැළයක් සිටුවා වසර තුනක් පමණ ගතවනවිට, කිහිපවාරයක් අපූරු මල් කිනිති හටගෙන තිබිය යුතුය.

උදෑසන හිරු කිරණින් නැහැවෙමින් මඳ සුළඟට නැළවෙන මල් කුමරියන්ගේ අපූරු දසුන දෙනෙතට රසඳුනකි. ඒ විතරක් ...ද ? මල් රොනට ඇදෙන සමනලයන්ගේ, මී මැස්සන්ගේ දඟකාර රංගනය, කෙළවරක් නැති කිචිබිචියත් එක්ක තමන්ගේ ආහාර වේල සොයා යන කුරුලු කිරිල්ලියන්... ඇත්තටම පුදුමාකාර සොඳුරු හැඟුම් සමුදායක ඔබව අතරමං කරලාවි.

හැමදාම උදෑසන මෙවැනි සුන්දර දසුනක් නෙත ගැටෙන්නට විතරක් නෙමෙයි, මල් ඇසුරේ කාලය ගත කරමින් හිත ගත

විඩාබර නොකොට පසුම්බිය පුරවාගන්නටත් ඕකිඩ් වගාව හරිම කදිමයි. හැබැයි... ඒ සඳහා මනාව නඩත්තු කරන සරුසාර ඕකිඩ් මල් යායක් ඔබ සතු විය යුතුමයි.

ඒ සඳහා ක්‍රමානුකූල දැනුමත්, අවබෝධයත් ඔබ වෙත රැගෙන එන මේ විශේෂාංගය ඔස්සේ අද අපේ අවධානය යොමු වන්නේ වැඩුණු ඩෙන්ඩ්‍රෝබියම් පැළ නඩත්තු කරන ආකාරය පිළිබඳයි.

වැඩුණු ඩෙන්ඩ්‍රෝබියම් පැළ

සාමාන්‍යයෙන් ඩෙන්ඩ්‍රෝබියම් වර්ගයේ ඕකිඩ් පැළයක් සිටුවා වසර තුනක් පමණ ගතවනවිට, එනම් ඔබ සිටවූ ඕකිඩ්

පැළයට වයස අවුරුදු 2 1/2ක් - 3 1/2ක් පමණ වනවිට කිහිපවාරයක් අපූරු මල් කිනිති හටගෙන තිබිය යුතුය. ඇතැම්විට

අලුතෙන් හට ගැනෙන අංකුර බඳුනෙන් පිටතට ද පැමිණ ඇති බවට සැකයක් නැහැ. මෙවැනි තත්ත්වයක් උදා වෙනවා

යනු ඔබ අනිවාර්යයෙන්ම බඳුන සහ වගා මාධ්‍යය මාරු කළ යුතු වේ.

නව අංකුර වෙන් කිරීම

මෙහිදී ඕකිඩ් පැළය පරෙස්සමට ගලවා අලුත් අංකුරය සහ එයට යාබද දඬු දෙකක් සහිත කොටස වෙන් කරගන්න. ඒ

සඳහා හොඳින් පිරිසුදු කරනලද තියුණු මුවහතක් සහිත පිහියක් හෝ සැකටියර් අඬුවක් යොදා ගන්නටත් අමතක කරන්න එපා. එමෙන්ම කපාගත් ශාකයේ කැපුම නිරාවරණය නොවන සේ වසන්නට එහෙමත් නැතිනම් සීල් කරන්නටත් වගබලාගන්න. එහිදී ඔබට පැළෑටි සීල් කිරීමට අවශ්‍ය මිශ්‍රණය ලබාගැනීමට අපහසු වුවහොත් දැව අඟුරු සහ ගෙන්දගම් ස්වල්පයක් ගල් පතුරක උරච්චිකර ( ගලගා) එම මිශ්‍රණය කැපුමේ ආලේප කළ හැකි වේ.

නැවත පැළ සිටුවා ගැනීම

ඉහත සඳහන් ආකාරයට පරෙස්සමෙන් වෙන් කරගත් ඕකිඩ් ශාකය දැන් ඔබ වෙනත් බඳුනක සිටුවා ගත යුතුයි. මෙතෙක් කාලයක් ඔබේ ඕකිඩ් වගාව මධ්‍යම ප්‍රමාණයේ බඳුන්වල සිටුවා ඇති හෙයින් දැන් තරමක් විශාල බඳුන්වලට මාරු කළ යුතු කාලයයි මේ. එබැවින් කැපුම ආවරණය කරගත් ඔබේ ඕකිඩ් ශාකය තරමක් විශාල පෝච්චියක සිටුවාගන්න. එහිදී පෝච්චියට වගා මිශ්‍රණය වූ අඟුරු සහ උළුකැට කැබැලි මිශ්‍රණයක් ද අලුතින් යෙදිය යුතු වේ.

විශේෂ අවධානයට

ඔබ ඕකිඩ් පැළය බඳුන මැද්දට වන්නට තබා සිටුවා ගත යුතු අතර පැළය සිරස්ව තබා ගන්නට වගබලාගන්න. ඒ සඳහා

බඳුන තුළ ඕකිඩ් පැළයට ආසන්නයේ සිහින් ලී කෝටුවක් (ආධාරකයක්) සිටුවා පැළෑටිය එයට තබා ගැට ගසන්න. මෙහිදී

ද නව අංකුරය පෝචිචියේ මැද කොටසට ආසන්නයේ තිබිය යුතුය.

දැන් ඔබ විසින් ඉවත් කරගත් පත්‍ර රහිත දඬු පමණක් වූ ඕකිඩ් ශාක කොටස සෙවණ සහිත ස්ථානයක එල්ලා තබන්න.

එසේත් නැතිනම් වැලි සහිත භාජනයක රඳවන්න. ටික දිනක් ගතවනවිට පත්‍ර දලු ලමින් එය ඕකිඩ් පැළයක් බවට

පත්වනු ඇත. එවිට එම පැළ දඬුවලින් වෙන්කර බඳුන් ගතකළ හැකිය.

මේ ආකාරයට ක්‍රම ක්‍රමයෙන් ඔබේ ඕකිඩ් වගාව විශාල කරගත හැකි අතර මල්වලට අමතරව ඔබට මේ පැළ ද අලෙවි කළ හැකියි.

******************

උපදෙස් - සුමුදු ඕකිඩ්ස් හි

ජයන්තිමාලා එදිරිසිංහ