හැඩකාර මලින් නෙත පිනවන මැන්ඩවිලා

දෙසැම්බර් 26, 2018

හැඩකාර මල්වල සොඳුරු පෙනුමට සේම නෙත පිනවන චමත්කාර වර්ණ රටාවට වැඩිදෙනෙකු දක්වන්නේ පුදුමාකාර කැමැත්තකි. මේ දිනවල මල් වෙළෙඳපොළ තුළ ඉහළ ඉල්ලුමක් දිනා ඇති එවැනි හැඩකාර මල් කොමලියකි මැන්ඩවිලා (Mandevilla).

ලෝකයේ බොහෝ රටවල විවිධ නම්වලින් පැතිරී ඇති මේ මැන්ඩවිලා අයත් වන්නේ 'ඇපෝසිනේසියේ' (Apocynaceae)  කුලයටයි. අතීතයේ දී මෙය 'ඩිප්ලඩේනියා' (Dipladenia) යන නමින් හැඳින් වූ අතර තවත් අය 'බටර් කප්' යනුවෙන් ද හඳුන්වනු ලැබේ. උදාහරණයක් ලෙස කහපාට මල් හටගන්නා වැල් වශයෙන් වැඩෙන කහ ඩිප්ලඩේනියා යනු මැන්ඩවිලා යෙලෝ ප්‍රභේදයයි. ගෙවත්තේ වැට මායිමේ, දැල් ආවරණයේ, කම්බි පොටෙහි එතී සරුවට වැඩී කහමල් යායක් මවන මේ ප්‍රභේදය මෙරට සුලබව දැකිය හැකියි.

මේ වනවිට මැන්ඩවිලා ප්‍රභේද බොහොමයක් වෙළෙඳපොළේ සැරිසරන අතර එයින් රතුපාට ප්‍රභේදය වඩාත් ජනප්‍රියයි.

 

1. මැන්ඩවිලා ලක්ෂා

(Mandevilla laxa)

සුදු පැහැයෙන් මල් පිපෙනා වැල් වශයෙන් වැඩෙන ප්‍රභේදයකි මේ. අනෙකුත් ප්‍රභේදවලට වඩා මේ ලක්ෂා ප්‍රභේදය තරමක ශීත දේශගුණයක් ප්‍රිය කරාවි.

2018/12/26 තරුණි පුවත්පත බලන්න