සොඳුරු නිවහනක සිරිය මවන සරල වැරැන්ඩාවක අසිරිය

ජනවාරි 9, 2019

සතිපතා නිවාස සැලසුම් තිළිණ කළ අප මෙවර ඔබට අලුත් යමක් තිළිණ කරන්න හිතුවා. නවීන තාක්ෂණයට අනුව නිවාස සැලසුම නිර්මාණය කරන්න උනන්දුව දක්වන බොහෝ දෙනෙක් නවීන අංග එකතු කරනවා.

හැබැයි එසේ එකතු කරන අංග යොදා ගැනීමෙන් අපට තිබෙන ප්‍රයෝජනය ගැන දැනුවත්වීම හරිම අඩුයි. සමහරු හිතන්නේ එවැනි අංගවලින් නිවෙසට අලංකාරයක් එක්වෙනවා විතරයි කියලා. නමුත් නවීන නිවෙසක පවා මේ අංග එකතු කිරීමෙන් ලස්සන වගේම ප්‍රයෝජනයකුත් ලැබෙනවා.

විවෘත වැරැන්ඩාව

මෙසේ ඉතාම ප්‍රයෝජනයක් ඇති අංගයක් තමයි වැරැන්ඩාව. ඉපැරැණි නිවාසවල මෙම වැරැන්ඩාව හැඳින්වූයේ එළිපත්ත නැතිනම් ඉස්තෝප්පුව ලෙසයි. කාලයත් සමඟ නවීකරණය වෙමින් මේ ඉස්තෝප්පු කොටස වැරැන්ඩාව බවට පරිවර්තනය වෙලා තිබෙනවා. එය තවත් දියුණුවෙමින් විවෘත වැරැන්ඩාව සමඟ ජචප නධපජඩ නැතිනම් රථගාලක් එකතුකර ගන්නත් සමහරු උනන්දු වෙනවා.

හැබැයි මෙවැනි වැරැන්ඩාවක් නිවෙසකට යොදා ගැනීමේදී සම්මතයක් තිබෙනවා. ඒ කියන්නේ ප්‍රාදේශීය සභා හෝ නගර සභා සීමාවක නිවෙසක් තැනීමේදී වැරැන්ඩාව සඳහා යොදා ගන්නා සීමාව අඩි 6 - 8 ක ප්‍රමාණයවත් තිබිය යුතුයි යන සම්මතයක් පවතිනවා. මේ සම්මතය බොහෝ විට එම සීමා බලප්‍රදේශය අනුව වෙනස් වෙන්න පුළුවන්. එසේම ඒ ගැන එතරම් තදින් සොයා බලන්නේ නැති වෙන්නත් ඉඩ තිබෙනවා.

කුමන ආකාරයක නිවෙසක් වුවත් අපි තනන නිවෙසේ ඉදිරිපස කොටසින් තමයි නිවෙසට ආකර්ෂණයක් එකතු වෙන්නේ. ඒ නිසා ඉදිරිපස වැරැන්ඩාව ඉතාම ලස්සන වුණොත් නිවෙස ඉබේම ලස්සන වෙනවා. ඒ වගේම නිවෙසේ වැරැන්ඩාව සඳහා යොදා ගන්නා සීමාව සරල වූ තරමටම එහි ඇති අගයත් වැඩියි.

සාමාන්‍යයෙන් වැරැන්ඩාවක් තනාගන්නේ නිවෙසට පැමිණෙන අමුත්තන් සමඟ නිදහසේ සතුටු සාමීචියේ යෙදෙන්න. නැතිනම් විවෘත හිරු එළියේ නිදහසේ පොතක් පත්තරයක් බලන්න. මෙසේ සාදන වැරැන්ඩාව සඳහා ගෘහ නිර්ාණශිල්පය යොදාගෙන හැඩ කළොත් තමයි ගෙදරටම කලඑළියක් ලැබෙන්නේ.

සමහර අවස්ථාවලදී මෙම වැරැන්ඩාවත් සමඟ සමහරු රථගාලක් යොදා ගන්න උත්සහ කරනවා. එය එතරම්ම සාර්ථක නැති කටයුත්තක්. වැරැන්ඩාව කියන්නේ නිදහසේ තමුන්ගේ දෛනික කටයුතු කරගෙන යන්න පුළුවන් ස්ථානයක්. එම වැරැන්ඩාවේ සරල ආකාරයෙන් තැනූ පුටු කට්ටලයක්, අලංකාරවත් පුටු කුෂන් කවර කිහිපයක් යෙදූ කුඩා කවිච්චියක් සමඟ අලංකාර විසිතුරු පත්‍ර ශාක කිහිපයක් යොදුවොත් හරිම අපූරුයි.

අපි මෙ ආකාරයට තනන වැරැන්ඩාව රථගාලත් සමඟ සම්බන්ධ නොකර වෙනම පිහිටන ලෙස නිර්මාණය කිරීම තමයි සුදුසු. ඒ අයුරින් නිර්මාණය වූ වැරැන්ඩාව ලොබිය හරහා නිවෙසට ඇතුල්වන විට නිවෙසේ සිරියාව උතුරා ගලනවා.

2019/01/09 තරුණි බලන්න