විචිත්‍ර රටා මවන 'සීබ්‍රා ප්ලාන්ට්'

ජනවාරි 23, 2019

නේක වර්ණයේ මලින් බරවන ශාක සේම විසිතුරු පත්‍ර සහිත ශාක ද ගෙමිදුලේ සුන්දරත්වයට නැතිවම බැරිය. අද අප ඔබ වෙත රැගෙන එන්නේ එවැනි විචිත්‍ර පත්‍ර සහිත ශාකයක් වූ 'සීබ්‍රා ප්ලාන්ට්' (Zebra Plant) එහෙමත් නැතිනම් 'ඇපලැන්ඩ්‍රා ස්ක්වාරෝසා' (Aphelandra squarrosa)  යි.

මෙක්සිකෝව, බ්‍රසීලය සිය සම්භවය කරගෙන පැතිරුණු සීබ්‍රා ප්ලාන්ට් ලොව පුරාම දැකිය හැකියි. සීබ්‍රාවකුගේ ශරීරය පුරා දක්නට ලැබෙන විචිත්‍රවත් ඉරි මෙන් මේ ශාක පත්‍රයේ පුරාවට ද අපූරු ඉරි දක්නට ලැබෙන අතර එම නිසාම මෙයට සීබ්‍රා ප්ලාන්ට් යන නම ආදේශ වී ඇති බව පෙනේ.

අලංකාර පත්‍ර සේම විවිධ වර්ණයේ කුඩා පුෂ්ප ද හටගන්නා බැවින් සීබ්‍රා ප්ලාන්ට් යනු ගෙමිදුලට සැබෑම විචිත්‍රත්වයක් රැගෙන එන ශාකයකි.

ප්‍රභේද

'ඇකන්තාසියේ' (Acanthaceae) කුලයට අයත් මෙම ශාකයේ ප්‍රභේද කිහිපයක් දක්නට ලැබේ. එනම් ඇපලැන්ඩ්‍රා ස්ක්වාරෝසා හැරුණුවිට පහත සඳහන් ඇපලැන්ඩ්‍රා විශේෂ කිහිපයකි. නමුත් ඒවා සීබ්‍රා ප්ලාන්ට් ලෙසින් හඳුන්වනු නොලැබේ.

ඇපලැන්ඩ්‍රා අවුරන්ටියාකා( Aphelandra qurantiaca)

කහ පැහැයෙන් මල් පොහොට්ටු හටගන්නා මේ ප්‍රභේදයේ එම මල් විකසිත වනුයේ තද තැඹිලි පැහැයෙනි.

ඇපලැන්ඩ්‍රා චමිසෝනියානා (Aphelandra Chamissoniana)

'යෙලෝ පැගෝඩා' ලෙසින් ද හඳුන්වන මේ ප්‍රභේදයේ දිලිසෙන රන්වන් පැහැති මල් පිපේ. පත්‍රමත රිදී පැහැයෙන් රේඛා දක්නට ලැබේ.

ඇපලැන්ඩ්‍රා ඩෙප්පියානා (Aphelandra deppeana)

මෙම ප්‍රභේදයේ ඉහළට දිග හැරුණු මල් සමුහයක් හටගනියි. කහ, තැඹිලි සහ රතු ආදී වර්ණ තුනකින් දැකගත හැකියි.

ඇපලැන්ඩ්‍රා සින්ක්ලයිරියානා (Aphelandra sinclairiana)
 

2019/01/23 තරුණි බලන්න