කුඩා මල් සමූහයක් එකට පිපෙනා 'පෙන්ටාස්'

පෙබරවාරි 20, 2019

පුංචි පුංචි මල් සමූහයක් එකට පිපී සොඳුරු මල් පොකුරක් ලෙසින් දිස්වන 'පෙන්ටාස්' (Pentas) ශාකයයි මෙවර අපේ මල් ලෝකය වෙත කැඳවාගෙන එන්නේ.

පෙන්ටාස් එහෙමත් නැතිනම් 'පැන්ටා' නමින් හඳුන්වන බහුවාර්ෂික ශාකයක් වූ මෙය 'රුබේසියේ'(Rubiaceae)කුලයට අයත් වේ. උපරිම අඩි 06 ක් පමණ උසටත් පළලින් අඩි 03 ක් පමණත් වර්ධනයවන මේ ශාකය පඳුරක් වශයෙන් වැඩෙනු දැකිය හැකියි.

ලංකාවේ විවිධ පළාත්වල දැකිය හැකි ශාකයක් වුවද පෙන්ටාස් යනු බොහෝවිට උෂ්ණත්වය සහ හිරුඑළිය අපේක්ෂා කරන්නියකි. පින්ක්, රතු, ළා රෝස, සුදු ආදී වර්ණ කිහිපයකින්ම දැකිය හැකි මේ ශාකයේ වර්තමාන මල් වෙළෙඳපොළ තුළ නවතම ප්‍රභේද දක්නට ලැබේ. එනම් ද්වි වර්ණ සහ ත්‍රිත්ව වර්ණ සහිතවය. එමෙන්ම ඉතා අලංකාර තනි වර්ණයේ පෙන්ටාස් නව ප්‍රභේද ද මෙහිදී දැකිය හැකියි.

ශාක ව්‍යාප්ත කරගැනීම

පෙන්ටාස් බීජ තවාන් දැමීමෙන් සහ දැඩි නොවූ අතු කැබලි පැළකර ගැනීමෙන් මෙය බෝකර ගත හැකියි. මුල් අද්දවන හෝමෝනයක් (Rooting hormone solution)  භාවිත කිරීම හරහා පැළ කරගත හැකි ප්‍රතිශතය ඉහළ යන අතර ඉක්මන් ප්‍රතිඵලද ලැබේ.

එමෙන්ම අතු කැබලි කුඩා බඳුන්වල සිටුවා ගත හැකියි. එහිදී ජීවානුහරණය කළ කොහුබත් හෝ වැලි පමණක් හෝ මෙම වර්ග දෙකම මිශ්‍රකර දමා හෝමෝනය තැවරූ අතු කැබැල්ල එහි සිටුවන්න. දින 14 ක් පමණ ගතවන විට මෙහි මුල් ඇදෙන අතර අතු කැබලි නොසෙල්වෙන සේ තැබීමත්, සෙවණ සහිත ස්ථානයක තැබීමත් ඉතා වැදගත්ය.

 

2019/02/20 තරුණි බලන්න.