නිවෙසකටත් නිර්මාණශීලී ව්‍යාපාරයකටත් දෙකට ගැළපෙන සුන්දර නිවහනක්

පෙබරවාරි 20, 2019

නිවාස සැලසුමක් නිර්මාණය කළ පසු එහි ඇති අංග විවිධය. එය තීරණය වන්නේ සේවාදායකයාගේ අවශ්‍යතාවය අනුවය. විශේෂයෙන්ම නාගරික නිවෙසක ආරක්ෂාව හා ඉඩසීමාව ගැන සිතිය යුතු වෙයි.

එහෙත් අර්ධ නාගරික සීමාවක ඉඩ ප්‍රමාණය එතරම් ගැටලුවක් නොවෙයි. මේ කුමන ප්‍රදේශයක නිවෙසක් තැනුවත් එහි අපට අවශ්‍යම අංග කිහිපයකි. එසේ මූලික අංගවලට අමතරව කාර්යාල කාමරය, ගබඩා කාමරය, වියළි මුළුතැන්ගෙය වැනි දෑ අපගේ අවශ්‍යතා අනුව නිර්මාණය වෙයි.අප මෙවර තිළිණ කරන නිවෙසේ මේ සියලු අංග ඇතුළත් වෙයි. එසේම ඉහළ මහල ද ලොන්ඩරි කාමරය, රූප් ටෙරසය, ඉදිරියට හා පසුපසට විවෘත වූ වැරැන්ඩාවකින් සමන්විතය. මේ සියල්ලම නිර්මාණය වන්නේ සේවාදායකයාගේ රුචිකත්වය අනුවය. එසේම මෙහි නිර්මාණශීලීත්වය ද උපරිම අයුරින් යොදාගෙන ඇත.

 

2019/02/20 තරුණි බලන්න.