ජීවිතය දැනෙන්න, සතුටින් ජීවත් වෙන්න

මාර්තු 13, 2019

ජීවිතයේ ඔබ සොයන සතුට ඔබට හමුවුණා ද? නැතිනම් තවමත් හමුවුණේ නැතිද? බලන්න, ඒ සතුට දුරක නෙමේ. ළඟ ළඟම ඇති. ලොකු ලොකු දේවල්වලින් නෙමේ, පුංචි පුංචි දේවල්වලින් ඔබට ගොඩක් සතුටු වෙන්නට පුළුවන්.

ඇයත් ඒ වගේ. ජිවිතේ ඉහළම සතුට සොයාගත් තැනැත්තියක්.

බොහොම කාර්යබහුල ජීවිතයක් ගතකළත් ඇය ජිවිතයේ සතුට වෙනුවෙනුත් වේලාවක් වෙන්කළා. ඒ ලස්සන ගෙවත්තක හිමිකාරිය වෙමින්. ඇය ජාතික රූපවාහිනී වැඩසටහන් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂකතුමියයි. නමින් සුරම්‍යා මාපිටිය මහත්මියයි. මේ සුන්දර ගෙවත්තක හිමිකාරිය වූ ඇගේ කතාවයි.

“ අපට පුංචිකාලේ ඉඳලාම දෙයක් මහන්සි වෙලා කරලා ඉන් ලබන සතුට අවශ්‍යයි. මාගේ අම්මාගෙන් මං ජීවිතය ඉගෙන ගත්තේ ඒ විදියට. කම්මැළි නැතිව උත්සාහවන්ත වී, සතුටක් ලබන හැටි ඇය මට කියාදුන්නා. 70 දශකයේ රටේ වගා සංග්‍රාමයක් තිබුණා. අලුත් එළවළුවක, පලතුරක තිබෙන නැවුම් බව දැනුණා. අද මම කොතරම් කාර්යබහුල වුණත් ගෙවත්තේ කටයුතු කරන්නේ බොහොම ආසාවෙන්.

මෑතකදී සිට බෝනොවන රෝග අවදානම ඉහළ ගිහින් තිබෙන්නේ. එවැනි කාලයක වගාකිරීමේ වටිනාකම හොඳින්ම දැනුණා. මං එදා වගේම අදත් කලවම් මැල්ලුම පොලොස් මැල්ලුම වගේ දේශීය ආහාර කෑමට කැමැතියි. පුංචි කාලේ වස විසෙන් තොර ආහාර තමයි අපි කෑමට ගත්තේ. ඒ නිසා බොහෝම ජවයෙන් වැඩකළා. අද බොහෝ දෙනෙක් කෑමට ගන්නේ වසවිස. ඒ නිසයි මෙවැනි තත්ත්වයක් ඇතිවෙලා තිබෙන්නේ. ලේසියට පහසුවට සල්ලි දීලා ලෙඩ රෝග ගෙදර අරගෙන යනවා.

 

 

2019/03/13 තරුණි බලන්න.