මලින් පිරුණු සොඳුරු ගෙඋයනකට දාස්පෙතියා

අප්‍රේල් 3, 2019

ඔබේ ගෙමිදුලේ පාළු ස්වභාවය සහ හිස් ඉඩකඩ හරි අපූරුවට පුරවාලන ‘දාස්පෙතියා’ නමට ගැළපෙන සේම විශාල පෙති සංඛ්‍යාවකින් සමන්විත සොඳුරු පුෂ්පයකි. කහ වර්ණය සහ රන්වන් වර්ණය මූලික කරගත් මේ දාස්පෙතියා ‘මෙරිගෝල්ඩ්’ (Merigold) යන නමින් ද හඳුන්වනු ලැබේ.

ගෙඋයන හැඩ වැඩ කරන්නට භාවිත කරන විවිධ හැඩතල අතරට සේම තාප්පය හෝ වැට මායිමට, එහෙමත් නැතිනම් ගෙමිදුල හරහා වැටී ඇති මංමාවත් දෙපසට කදිම සුන්දරත්වයක් රැගෙන එන මේ දාස්පෙතියා එක යායට වගා කිරීමෙන් මනා චමත්කාරයක් ලැබේවි. එමෙන්ම ඔබේ ගෙවත්තේ එළවළු, පලතුරු, පලා වගාවන් අතරට ද පහසුවෙන්ම මේ දාස්පෙතියා ශාක එකතු කළ හැකි අතර වගාවේ කෘමි උවදුර සඳහා අපූරු විසඳුමක් ද රැගෙන ඒවි.

සූර්යාලෝකය දැඩිව ප්‍රියකරන මේ ශාකයේ මල් හටගන්නේ ඉහළ කොටසේය. එබැවින් ඔබේ ගෙවත්තේ හිස් ඉඩකඩක මෙය සිටුවීමෙන් මනා පිරුණු ස්වභාවයක්, අපූරු කලඑළියක් ගෙවත්තට රැගෙන ඒවි.

පෙනුමෙන් දාස්පෙතියා ඉතා සුන්දර පුෂ්පයක් වුවද එයින් විහිදුවන සුවඳ තරමක් අමිහිරිය. නමුත් මේ අප්‍රසන්න සුවඳ අප කලින් සඳහන් කළ පරිද්දෙන් ඔබේ ගෙවත්තේ අනෙක් වගාවන් වෙත ඇදෙන කෘමි උවදුර පාලනය කරාවි.

ප්‍රභේද

මෙරිගෝල්ඩ් ප්‍රභේද විශාල ප්‍රමාණයකි. එමෙන්ම මෙය ලොව පුරාම ප්‍රචලිත වූ මල් විශේෂයක් ලෙසින් ද හැඳින්විය හැකියි.

ෆස්ට් ලේඩි (First Lady)

හෝන් කොම්බ් (Horn Comb)

මෙක්සිකෝ මෙරිගෝල්ඩ් (Mexico Merigold)

සෝලා (Sola)

ඇෆ්‍රිකන් මෙරිගෝල්ඩ් (African Merigold)

2019/04/03 තරුණි පුවත්පත බලන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.