අලුත් අවුරුද්දට නිවෙස් හැඩකරන ඔබට අලුත් අවුරුද්දට නිවෙස් හැඩකරන ඔබට මෙන්න පුංචි උදවුවක්

අප්‍රේල් 10, 2019

අලුත් අවුරුදු සමය ගෘහණියට බෙහෙවින් කාර්යබහුල කාලසීමාවක් බැව්් අමුතුවෙන් කිව යුතු නැහැ. ගේදොර අලුත්වැඩියා කරන්න, ගොම මැටි ගාන්න, අස්පස් කරන්න, කැවිලි පෙවිලි හදාගන්න, උත්සව සමයට වුවමනා අඩුවැඩිය ගෙටගන්න, තෑගි බෝග මිලදී ගන්න සාප්පු සවාරි යන්න, මෙකී නොකී දහසකුත් එකක් වැඩකටයුතු එමටයි.

හරියටම කියනවා නම් හුස්මක් කටක් ගන්න ඉස්පාසුවක් නැති තරමට වැඩ. මේ වෙලාවෙ කාගෙන් හරි පුංචි අත් උදවුවක් ලැබෙනව නම් මොනතරම් සහනයක් ද නේද? ඔන්න අපි සූදානම් ඔබේ උදවුවට එන්න. හොඳයි, එහෙනම් වැඩ පටන් ගනිමු.

නාන කාමරයේ ඇති ඉටි තිර රෙදි පිරිසුදු කිරීමට

බේකින් පවුඩර් මේස හැඳි දෙකකට දෙහි යුෂ මිලිලීටර් පනහක් එකතු කර පැය කාලක් පමණ තිබෙන්නට හැර ඊට ජලය ලීටර් හතරක් දමා මිශ්‍රකර ඉටි තිර රෙදි පෙඟෙන්නට දමන්න. පැය 1/2 කට පසුව සෝදන්න.

වීදුරු දොර ජනෙල් පිරිසුදුකර ඔප නංවා ගැනීමට

වතුර කෝප්ප හතරකට ලුණු කැට ග්‍රෑම් දෙසිය පනහක් දමා හොඳින් දියකර ගන්න. දැන් එම දියරෙහි ස්පොන්ජ් එකක් පොඟවා වීදුරු පිසදමන්න.

සිමෙන්ති ගෙබිම පිරිසුදු කර ඔප දමා ගනිමු

පළමුවෙන්ම ගෙබිම හොඳහැටි සෝදාගන්න. ඉන්පසුව දහයියා සහ පොල්කුඩු දමා කපාගත් පොල් ලෙල්ලකින් මදින්න.

තීන්ත ආලේප කිරීමෙන් පසුව

තීන්ත ආලේප කිරීමෙන් පසුව තීන්ත ගඳ දුරුකර ගැනීමට වතුර බාල්දි කිහිපයකට පිදුරු දමා නිවෙසෙහි තැනින් තැන තබන්න.

 

2019/04/10 තරුණි බලන්න