මල් බඳුන් තබන්න විසිතුරු රඳවන

මැයි 1, 2019

නිවහනක සිරියාව නිවැසියන්ගේ සතුටයි. සතුට පිරුණු කැදැල්ලක් තනන්න වෙහෙසෙන ගෘහණියන් නිවෙස ලස්සන කරන්නත් උනන්දුයි.

ලස්සන නිවෙසක් කියන්නේ කාගේත් සිහිනයක්. මල් බඳුන් නිවෙසට සොඳුරු පෙනුමක් ගෙනදෙන එක් අංගයක්. මල් කියන්නේ පිහිටි පොළොවේ වාගේම බඳුන්වල වගා කරන්නත් පුළුවන් දෙයක්. බඳුනක වගා කළොත් අපිට කැමැති තැනකින් තියන්න පුළුවන්. ඒක විශේෂ වාසියක්.

ඒ නිසාම බඳුන්ගත පැළ වර්ග නිවෙසින් පිටත වගේම නිවෙස ඇතුළත හැඩකරන්නත් භාවිත කළ හැකියි. වැඩි ලස්සනක් ලබාගන්න මෙම බඳුන් රඳවනයක තබන්න පුළුවන්. මෙහිදී මල් බඳුන් රඳවනය ගැනත් ටිකක් හිතන්න ඕනේ. ගහ, කොළ හිඟවෙමින් පවතින නිසා අපි ගස් රැකගන්න ඕනේ. ඒ නිසාම ලීයෙන් කරන දේවල් ඉවතලා ඒ වෙනුවට ආදේශක වෙත යන්න අපි උනන්දු විය යුතුයි. මේ තියෙන රඳවන දෙස බලන්න. ග්‍රීල් වර්ක් කරන ස්ථානවලින් මෙවැනි දේවල් නිර්මාණය කරගන්න පුළුවන්. ලස්සනකුත් තියෙනවා. ඒ වගේම සොබාදහමට හානියක් වෙන්නෙත් නැහැ. ඉතින් ඔබටත් පුළුවන් මෙවැනි රඳවන කිහිපයක් සකසාගෙන ඔබේ නිවෙස හැඩකරන මල් බඳුන් තබන්න.

 

2019/05/01 තරුණි බලන්න.