ගෙඋයනේ කොතැනටත් ගැළපෙන හොස්ටාස්

මැයි 8, 2019

වැඩි අපහසුවකින් තොරවම වගා කළ හැකි අලංකාර මල් මෙන්ම විසිතුරු පත්‍ර ද සහිත ‘හොස්ටාස්’  (Hostas)  ගෙමිදුලේ බොහෝ ස්ථාන සඳහා හරි අපූරුවට ගැළපේ. බහුවාර්ෂික ශාකයක් වූ මෙය කුඩා පඳුරු මෙන්ම විශාල පඳුරු වශයෙන් ද වැඩේ.

එමෙන්ම වර්ෂයේ එක් කාලයකට පමණක් සුන්දර හොස්ටාස් මල් පිපෙන අතර ඒවා පඳුරෙන් උඩට ඉස්සී පිපෙනු දැකිය හැකියි.

වර්තමානය වනවිට විවිධ වර්ගයේ හොස්ටාස් ප්‍රභේද බොහොමයක් දැකිය හැකියි. මේ අතරින් ප්‍රමාණයෙන් කුඩා දෙමුහුන් (ඩ්රඡපඪඤ) ප්‍රභේද මල් ලෝලීන් අතර වඩාත් ජනප්‍රියත්වයක් හිමිකරගෙන තිබීම විශේෂත්වයකි. පත්‍රවල විවිධ ප්‍රමාණ, විවිධ හැඩ, විවිධ වර්ණ සහ පත්‍රවල ඝනකම මෙන්ම මෘදු ස්වභාවය මෙම ශාක විවිධාංගීකරණය කරයි.

ඊට අමතරව මල්වල වර්ණය අනුවත් වර්ග කළ හැකියි. ඒ අතරින් සුදු, ළා රෝස, ලැවෙන්ඩර් වර්ණ සහිත වර්ග විශේෂයි. එමෙන්ම මේ මල්වලට මීමැස්සන්, කුරුල්ලන් ඇදී එන බවද ඔබට නිරීක්ෂණය කළ හැකියි.ගෙඋයනේ

කොතැනටත් ගැළපෙන හොස්ටාස්

වැඩි අපහසුවකින් තොරවම වගා කළ හැකි අලංකාර මල් මෙන්ම විසිතුරු පත්‍ර ද සහිත ‘හොස්ටාස්’  (Hostas)  ගෙමිදුලේ බොහෝ ස්ථාන සඳහා හරි අපූරුවට ගැළපේ. බහුවාර්ෂික ශාකයක් වූ මෙය කුඩා පඳුරු මෙන්ම විශාල පඳුරු වශයෙන් ද වැඩේ.

එමෙන්ම වර්ෂයේ එක් කාලයකට පමණක් සුන්දර හොස්ටාස් මල් පිපෙන අතර ඒවා පඳුරෙන් උඩට ඉස්සී පිපෙනු දැකිය හැකියි.

වර්තමානය වනවිට විවිධ වර්ගයේ හොස්ටාස් ප්‍රභේද බොහොමයක් දැකිය හැකියි. මේ අතරින් ප්‍රමාණයෙන් කුඩා දෙමුහුන් (ඩ්රඡපඪඤ) ප්‍රභේද මල් ලෝලීන් අතර වඩාත් ජනප්‍රියත්වයක් හිමිකරගෙන තිබීම විශේෂත්වයකි. පත්‍රවල විවිධ ප්‍රමාණ, විවිධ හැඩ, විවිධ වර්ණ සහ පත්‍රවල ඝනකම මෙන්ම මෘදු ස්වභාවය මෙම ශාක විවිධාංගීකරණය කරයි.

ඊට අමතරව මල්වල වර්ණය අනුවත් වර්ග කළ හැකියි. ඒ අතරින් සුදු, ළා රෝස, ලැවෙන්ඩර් වර්ණ සහිත වර්ග විශේෂයි. එමෙන්ම මේ මල්වලට මීමැස්සන්, කුරුල්ලන් ඇදී එන බවද ඔබට නිරීක්ෂණය කළ හැකියි.

 

2019/05/08 තරුණි බලන්න