නිවෙසක මුළුතැන්ගෙය තැනීමට පෙර මේ ගැනත් සිතන්න

මැයි 8, 2019

නිවෙසක විවිධ අංග කාලයට අනුව නවීකරණයවීම අරුමයක් නොවේ. එහෙත් ඇතැම් අංග නිවෙසකට වඩාත් වැදගත්ය. ඒ අතුරින් මුළුතැන්ගෙය ප්‍රධාන අංගයකි. කුස්සිය, මුළුතැන්ගෙය ලෙස අප හඳුන්වන මෙය අතීතයේදි ගිනිහල ලෙසින්ද ව්‍යවහාර විය. මේ කුමන නමකින් හැඳින්වුවත් මුළුතැන්ගෙයක් නිර්මාණය කිරීමේදී එහි පිහිටීම හා සැලසුම පිළිබඳ ගෘහණියක් ලෙස හොඳ අවබෝධයක් තිබිය යුතුමය.

 

අතීතයේදී සෑම නිවෙසකම දර ලිපක් සහිත මුළුතැන්ගෙයක් විය. නිවෙසට බත සපයන මෙහි ‘දර දමා ආහාර පිසින ලිප, ආහාර පිළියෙල කිරීමට අවශ්‍ය උපකරණ, දර මැස්ස, සේදුම් කටයුතු සඳහා යොදා ගන්නා ‘සෝදන බේසම්, මිරිස් ගල ආදිය එහි ක්‍රමානුකූලව ස්ථානගතව තිබුණි.

 

 

උපදෙස් - කුරුණෑගල, වරකාපොළ, පානදුර කැදැල්ල හෝම්ස්හි අධ්‍යක්ෂ දේශමාන්‍ය ආචාර්ය

මහින්ද ඒකනායක

2019/05/08 තරුණි බලන්න

දුමින්ද කාරියවසම්