වියළි කාලගුණයට අපූරුවට ඔරොත්තු දෙන අයිරිෂ්

මැයි 15, 2019

නෙත රවටන සොඳුරු මායාවක් වූ දේදුන්නට ආසා නොකරන කෙනකු නැති තරම්. චමත්කාර රටා මවන හරි අපූරු මේ දේදුන්න ග්‍රීක භාෂාවෙන් හැඳින්වෙන්නේ අයිරිෂ් යන නාමයෙනි. ඒ නිසාමදෝ මනරම් වර්ණයන් සහිතව මල් සුපිපෙන මේ මල් කුමරියන්ගේ නාමයද ‘අයිරිෂ්’ (Iris)නම් වේ.

‘අයිරිඩේසියේ’ (Iridaceae) ශාක කුලයට අයත්වන මේ අයිරිෂ් ශාකය යුරෝපය, ආසියාව, උතුරු අමෙරිකාව වැනි රටවල් සිය නිජබිම කරගෙන පැතිරී ඇත. වර්ග 250 ට අධික සංඛ්‍යාවක් සහිත මෙම අයිරිෂ් මල් පිපෙන ශාක අතර සුවිශේෂීත්වයක් උසුලයි. උස් ශාක සහ මිටි ශාක වශයෙන් මේවා වර්ගකර දැක්විය හැකි අතර අයිරිෂ් කුඩාම ශාකය අඩි 1/2 ක් පමණ උසකින් යුතු අතර උපරිම උස අඩි 04 ක් පමණ වේ.

බහුවාර්ෂික ශාකයක් වූ අයිරිෂ් සුදු, කහ, දම්, ළා රෝස, තැඹිලි, රතු, මෙරූන්, නිල් ආදී වර්ණ රැසකින් දැකිය හැකියි. ලංකාවේ ද මෙම වර්ණ ප්‍රභේද කිහිපයක්ම දැකිය හැකියි.

ප්‍රභේද

අයිරිෂ් බෙවර්ලි සිල්ස්

(Iris Beverly sills)

පූර්ණ හිරුඑළියට ඔරොත්තු දෙන උස අඩි 03 ක් පමණ වන මේ ප්‍රභේදය පින්ක් වර්ණයේ මල් හටගනියි.

අයිරිෂ් ඩස්කි චැලෙන්ජර්

(Iris Dusky Challenger)

දම් පැහැති වර්ණ සහිතයි. පූර්ණ හිරුඑළියට ඔරොත්තු දෙන මේ ප්‍රභේදයේ ශාක ද අඩි 03 ක පමණ උසට වර්ධනය වේ.

 

අයිරිෂ් ප්‍රින්සස් කැරොලින් ඩී මොනාකෝ (Iris Princess Caroline de monaco)

2019/05/15 තරුණි බලන්න


උපදෙස්

ප්‍රවීණ උද්‍යාන

අලංකරණ ශිල්පී

විසිතුරු මල් වගා උපදේශක

මාබොදලේ

රංජිත් කළුආරච්ච්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.