නිවෙසක් තැනීමට පෙර ජලනල පද්ධතිය ගැනත් සිතන්න

මැයි 22, 2019

නිවාස සැලසුම් නිර්මාණය කිරීම සංකීර්ණ කටයුත්තකි. නිවෙස නිර්මාණයට යොදා ගන්නා තාක්ෂණයට අමතරව තවත් බොහෝ දේ ගළපා ගැනීම ගෘහ නිර්මාණ ශිල්පියා සතු හැකියාවකි. මෙම කටයුත්ත සඳහා නිවෙසේ ජලනල එළීම, විදුලි රැහැන් පද්ධතිය ආදී කරුණු ගැන ද එම නිර්මාණ සැලසුමට ඇතුළත්ව තිබීම නිවෙසක් තැනීමේදී වඩාත් පහසුවකි.

එවැනි දේ පිළිබඳ අවධානය යොමු නොකර නිවෙසක් නිර්මාණය කිරීමෙන් ඔබට ගැටලු රැසකට මුහුණදීමට සිදුවෙයි. උදාහරණයක් ලෙස ඔබ මාර්ගයක් තැනීම ගැන සලකා බලන්න. එම මාර්ගය තැනීමට පෙර එහි ජල නල මාර්ගය සඳහා නල එළීම කළ යුතුවෙයි. එසේම දුරකරථන රැහැන් පද්ධති සඳහා නල එළීම කරන අතර විදුලි රැහැන් එළීම ද මාර්ගයේ තාර දැමීමට පෙර ම සිදු කළ යුතුය. එසේ නොකර මාර්ගයක් තැනීමෙන් පසු අදාළ කටයුතු සඳහා එක් එක් වාරයක් පාසා එම මාර්ගය කැඩීමට සිදුවන අයුරු ඔබ අනන්තවත් දැක ඇත. නිවෙසක් තැනීමේදී ද මෙම සිද්ධාන්තය වඩාත් වැදගත්ය. මෙහිදී නිවෙසේ අත්තිවාරම දැමීමේ සිටම ජලය, විදුලිය ආදිය සඳහා නල එළීම කිරීම ඔබට වඩාත් පහසුවකි.

ජල නල එළිම

විශේෂයෙන්ම නිවෙසකට ජලය ලබා ගැනීමේ නිශ්චිත ක්‍රමයක් තිබීම වඩාත් වැදගත්ය. නිවෙසක් තැනීමේදී නිවෙසට ජලය ලබාගැනීම, ගබඩා කර තබා ගැනීම, භාවිතයට ගැනීම හා බැහැර කිරිම පිළිබඳ ඔබගේ මූලික සැලසුමට ඇතුළත්ව තිබීම වඩාත් පහසුවකි.

 

2019/05/22 තරුණි බලන්න