සොබාදහමේ අපූරු නිර්මාණයක් වූ ඩෙවිල් ෆ්ලවර්

ජුනි 12, 2019

නේක හැඩයෙන්, නොයෙක් වර්ණයන්ගෙන් සුපිපෙන මල් බොහොමයක් මේ අලංකාර මල් ලෝකයේ දක්නට ලැබේ. ඒ විවිධ හැඩතල අතර අපූරු සත්ත්ව රූප හිමිකරගත් මල් ද වේ.

උඩරට නැට්ටුවකුගේ හැඩය ගත් “කැන්ඩියන් ඩාන්සර්”, ගැහැනියකගේ හැඩය ඇති “නාරිලතා”, ගෝනුස්සාගේ රුව රැගත් “උඩවැඩියා”, කුරුල්ලකුගේ රුවට සමාන “හැලිකෝනියා” සේම බළලකුගේ රූපය එහෙමත් නැතිනම් අපේ සංස්කෘතියේ මන:කල්පිතයක් වූ යක්ෂයකුගේ හැඩය සහිත “යකාමල” ද මේ සොබාදහමේ අපූරු නිර්මාණයන් බව නොකියාම බැහැ.

සුවිශේෂී පෙනුම නිසාම “යකාමල” නම් වූ (Taccachantrieri) මේ මලට යක්ෂ මුහුණක් සේම රැවුලක් ද හිමිය. එමෙන්ම මෙහි වර්ණය ද කළු හෝ දුඹුරු පැහැතිය.

ලංකාවට ආවේණික ශාකයක් නොවූ මෙය විදෙස් රටවලින් මෙරටට පැමිණි ආගන්තුකයෙකි. චීනයේ ඇතැම් ප්‍රාන්තවල ද ආසියාවේ නිවර්තන කලාපවලද බටහිර අපි‍්‍රකාවේ ද බහුලව ව්‍යාප්ත වු මෙම ශාකයට ශ්‍රී ලංකාවේ දී නම් වැඩි වටිනාකමක් හිමි වූ බව නොපෙනේ. එබැවින් මෙරට මල්ලෝලීන්ගේ අවධානය ද එතරම් මේ යකාමල වෙත ලැබී නොමැත.

“ඩියෝස්කොරේසියේ” (Dioscoreaceae)  ශාක කුලයට අයත් මේ යකාමල් “බ්ලැක් බැට් ෆ්ලවර් (Black bat flower), ඩෙවිල් ෆ්ලවර් (Devil Flower) බ්ලැක් ටැකා” (Black Tacca)  වැනි නම්වලින් හඳුන්වන අතර එහි ජීව විද්‍යාත්මක නාමය “ටැකා චැන්ට්‍රියරි” (Tacca chantrieri)  නම් වේ.

බහු වාර්ෂික ශාකයක් වූ මේ යකාමල් ශාකය අපේ රටේ ඕනෑම ප්‍රදේශයක වගා කළ හැකිය. මෙය විශාල පත්‍ර කිහිපයකින් සමන්විත වන අතර අඩි 2 1/2 -04 ක් වැනි උසකට වැඩෙයි. එක් මල් වාරයකදී මල් 06-10 ත් අතර ප්‍රමාණයක් පිපෙනු ඇත.

 

උපදෙස්

ප්‍රවීණ උද්‍යාන

අලංකරණ ශිල්පී

විසිතුරු මල් වගා උපදේශක

මාබොදලේ

රංජිත් කළුආරච්ච්

 

2019/06/12 තරුණි බලන්න