නේක වර්ණ රටා මවන ඇසේලියා

ජුනි 26, 2019

ගෙඋයන වඩාත් සොඳුරු වන්නට නම් විචිත්‍ර පත්‍රික ශාකවලට වඩා මල් සුපිපෙනා ශාක පඳුරු බොහොමයක් සුදුසු බව මල්ලෝලී ඔබට නොයෙක් වාරයක් සිතී ඇති.

ඒ සඳහා වඩාත් උචිත නේක වර්ණ මවන කුඩා පඳුරක් ලෙසින් සකසා ගතහැකි අපූරු ශාකයකි “ඇසේලියා” Azalea) එරිකේසියේ (Ericaceae) කුලයට අයත් මේ ඇසේලියා ශාකය රොඩෝඩ්‍රෙන්ඩන් පවුලේම ශාකයක් ලෙසින් ද හඳුන්වයි. පෙති පහකින් සමන්විත ඇසේලියා මල් සුදු, දම්, රෝස, තැඹිලි, රතු, කහ, පීච් ආදී වර්ණයන්ගෙන් දැකිය හැකියි. ඊට අමතරව වර්ණ දෙකක මිශ්‍රණයක් සහිත ඇසේලියා මල් ද මේ මල් ලෝකයේ ඉතා ජනපි‍්‍රයයි.

 

ප්‍රභේද

* ඇසේලියා ඉන්ඩිකා (Azalea Indica)

* ඇසේලියා එක්ස්බරි (Azalea Exbury)

* ඇසේලියා බැක් ඇක්රස් (Azalea Back Acres)

* ඇසේලියා දිමිති ( Azalea Dimity)

* ඇසේලියා හනි බන්ච් Azalea Honey Bunch)

*ඇසේලියා මොලිස්  (Azalea Mollis)

* ඇසේලියා කුරුමේ (Azalea kurume)

* ඇසේලියා නැප්හිල් (Azalea knaphill)
 

මෙම ප්‍රභේදවලට අමතරව අනු ප්‍රභේද ද ගණනාවක් දැකිය හැකි අතර ඒවා මල්වල පාට අනුව ශාකපත්‍ර සහ මල් පෙතිවල හැඩය අනුව වෙන්කර හඳුනාගත හැකියි.

 

පැළ බෝකර ගැනීම

ඇසේලියා දඬු කැබලි සිටුවීමෙන් පහසුවෙන්ම බෝකර ගැනීමේ හැකියාව ඇත. මේවායේ මෘදු දඬු කැබලි සහ තරමක් මේරූ දඬු කැබලි පැළ කිරීමට වඩාත් සුදුසු අතර ප්‍රොපර්ගේටරයක ආධාරයෙන් පැළ කරගත හැකියි. එහිදී ප්‍රොපර්ගේටරය තුළ සති දෙකක් පමණ තැබිය යුතුයි. අනතුරුව පිටතට ගෙන සෙවණ සහිත ස්ථානයක තවදුරටත් තබා ශාකයේ මුල් ව්‍යාප්ත වූ පසු ස්ථිර භූමියේ හෝ බඳුන්වල සිටුවාගන්න.

 

වගා මාධ්‍යය

මෙම ශාකය සොඳුරු මලින් පිරෙන්නට නම් ශාකයේ නීරෝගි වැඩීමක් තිබිය යුතුයි. ඒ සඳහා සාරවත් පොහොර සහිත වගා මාධ්‍යයක් සකසා ගැනීම ඉතා වැදගත්. එබැවින්,

* කොම්පෝස්ට් කොටස් 01 ක්

* හළාගත් කොහුබත් කොටස් 01 ක්

* වැලි කොටස් 01ක් හෝ 02 ක්

* සාරවත් මතුපිට පස් කොටස් 01 ක්

උපදෙස් ප්‍රවීණ උද්‍යාන

අලංකරණ ශිල්පී විසිතුරු මල් වගා උපදේශක

මාබොදලේ රංජිත් කළුආරච්ච්

2019/06/26 තරුණි බලන්න