ගෙඋයන වර්ණයෙන් පුරවන සෙලෝසියා නොහොත් කුකුළු කරමල්

ජූලි 10, 2019

“සෙලෝසියා” (Celosia)  කියන නම ඔබේ කනට එතරම් හුරුපුරුදු නැති වුවත් “කුකුළු කරමල්” කියා කියූ සැණින් එය නොදන්නා කෙනකු නැතිතරම්.

ඒ තරමටම දිගු කාලයක් පුරා ශ්‍රී ලාංකික මල්ලෝලීන් අතර ජනපි‍්‍රය මල් වර්ගයක් ලෙස මෙය හැඳින්විය හැකියි.

එහෙත් වසර ගණනාවක් අපේ ගෙමිදුල් සැරසුවේ එකම වර්ගයේ සෙලෝසියා ප්‍රභේදයක් වන අතර එහි වර්ණ වෙනස්කම් දක්නට ලැබුණි.

වර්තමාන මල් වෙළෙඳපොළ තුළ මේ පැරැණි ප්‍රභේදවලටත් වඩා නව ප්‍රභේද සඳහා ඇත්තේ ඉහළ ඉල්ලුමකි.

මේ සෙලෝසියා එහෙමත් නැතිනම් කුකුළුඅ කරමල් අයත් වන්නේ “ඇමරැන්තසියේ” (Amaranthaceae)  කුලයටයි.

නව ප්‍රභේද

* සෙලෝසියේ ක්‍රිස්ටාටා මැජෙන්ටා

දම් පැහැයෙන් සහ තද රතු පැහැයෙන් පිපෙන මේ ප්‍රභේදයේ මල තරමක් විශාලය.

* ලෙමන් ලයිම් සෙලෝසියා ක්‍රිස්ටාටා

දෙහි කහ පැහැයෙන් මල් පිපේ. එය අඟල් 07 ක් පමණ පළලක් සහිත මලකි.

* සෙලෝසියා චීෆ් ඔරේන්ජ්

මේ ප්‍රභේදයේ මල් තැඹිලි පැහැතිය. බඳුන්ගතව වගා කිරීමට වඩාත් සුදුසුය.

* සෙලෝසියා ආජෙන්ටියා

තැඹිලි, රතු, සුදු, කහ ආදී වර්ණ කිහිපයකින්ම දැකිය හැකි අතර අනු ප්‍රභේද සහිතය.

උපදෙස්

ප්‍රවීණ උද්‍යාන අලංකරණ ශිල්පී

විසිතුරු මල් වගා උපදේශක

මාබොදලේ රංජිත් කළුආරච්ච්

 

2019/07/10 තරුණි බලන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.