නඩත්තුවට හරිම පහසු කුඩා ගෙවත්ත

ජූලි 24, 2019

ගෙඋයන එහෙමත් නැතිනම් ගෙමිදුල යනු කාලයත් සමඟම වෙනස්වන, ඒවාගේම වෙනස් කළයුතු ස්ථානයකි. විශේෂයෙන්ම මේ ගෙඋයන්වලට එකතු කරන කොන්ක්‍රීට් අංග, පියගැටපෙළ, ලී වැට, උද්‍යාන බංකු, මල් බඳුන් ආදිය නම් සෑහෙන කාලයක් වෙනස්වීමට ලක් නොවූවද මෘදු අංග එසේ නොවේ.

ගෙමිදුලේ දක්නට ලැබෙන විවිධ ගහකොළ, වැල්, සත්ත්ව විශේෂ මේ මෘදු අංග යටතට අයත් වේ. එබැවින් කාලය ගතවීමත් සමඟම මේවා වෙනස්වීමට ලක්වේ. ගහකොළ අතු රිකිලි දමා වැඩේ. අනතුරුව කාලයත් සමඟම කෙමෙන් කෙමෙන් වියපත්බවට පත්වේ.

මේ නිසා මෙලෙස නිරන්තර වෙනස්වීමට ලක්වන උද්‍යාන අංග හඳුනාගෙන ඒවායින් උද්‍යානයට ඇතිවන බලපෑම අප අවබෝධකර ගතයුතු වේ.

මේ උද්‍යානය අලංකාර කරනා, හැඩතල අනුව කපනලද ගසක් දෙස බලන්න. කාලයක් ගතවද්දී අතු රිකිලි වැඩී එම හැඩය වෙනස් වී යයි. සොඳුරු මලින් පිරෙනා ශාක, පොහොර හා ජලය නිසි අයුරින් නොලැබී වර්ධනය බාලවේ.

ශාකවලින් කඩා වැටෙන පත්‍ර, මැරුණු අත,ª පරවූ මල් ආදිය බිමට වැටී පරිසරය අසුන්දර වේ. එබැවින් ඔබේ ගෙමිදුල විශාල වූවත්, කුඩා වූවත් කලට වේලාවට නඩත්තු කිරීම අත්‍යවශ්‍යයි.

මේ නිසා උද්‍යාන නඩත්තුව පිළිබඳ අප වැඩි අවධානයක් යොමු කළයුතු අතර එහිදී පහත සඳහන් අංග කෙරෙහි වඩාත් සැලකිලිමත් විය යුතුය.

 

 

 

උපදෙස්

ප්‍රවීණ උද්‍යාන අලංකරණ ශිල්පී,

ව්‍යාපාරික විසිතුරු මල් වගා උපදේශක, කෘෂි විද්‍යා ශූරී,මාබොදලේ

රංජිත් කළුආරච්චි

 

2019/07/24 තරුණි බලන්න