සිතෙහි ඇඳුණු ගෙඋයනට විචිත්‍ර අංග එකතු කරමු

අගෝස්තු 7, 2019

විවිධාකාරයේ සජීවී සහ අජීවී වස්තූන් ගණනාවක් යම්කිසි රිද්මයානුකූල පිළිවෙළකට ගළපා, ස්ථානගත කිරීමෙන් මනස්කාන්ත උද්‍යානයක් මතුකරගත හැකියි. ඒවාගේම ඒ සඳහා ඔබට මනා පෙර දැක්මක් ද තිබිය යුතු වේ.

එනම් ඔබ නිර්මාණය කිරීමට

බලාපොරොත්තුවන උද්‍යානය නිමාවෙන් පසු දැකිය හැකි ආකාරය පිළිබඳ දළ සටහනක්, එහෙමත් නැතිනම් මනස් සිතුවමක් ඔබේ මනසේ ඇඳී තිබිය යුතුමය. එහිදී ගස්වැල් සුළඟට නැළවෙන ආකාරය, උදෑසන හිරුඑළිය අතු පතරින් වැටෙන විට මැවෙන චමත්කාරය, සිසිල් සඳ එළියේ අඳුර සහ ආලෝකය අතර ගිලුණු ගහකොළ, නිහැඬියාව බිඳිමින් ගලායන සීතල දියදහරා අතරින් මතුවන සිහින් රිද්මානුකූල ශබ්දය ආදී දේවල් ඔබ ඔබේ මනසේ පූර්ව රස වින්දනයකට භාජනය කළයුතුය.

එමෙන්ම ඔබ නිර්මාණය කරනා මේ ගෙඋයන තවත් වසර 10 ක් පමණ කාලයක් ගත වූ පසුව දර්ශනය වන ආකාරය, වර්තමානයේ එමඟින් මතුවන හැඩය, ලාලිත්‍යය අනාගතයේදීත් එලෙසම පවතී ද? එලෙස පවත්වාගෙන යාමට එක්කළ යුතු දෑ තිබේද? මේ ආදී කාරණා පිළිබඳ ද මනසින් තව තවත් විමර්ශනයකර අවසාන නිගමනයකට එළැඹිය යුතුය. එනම් උද්‍යාන සැලසුමක් ඇඳීමට පෙර සිටම තැනිය යුතු උද්‍යානය මනසේ රූපයක් ලෙසින් මතුවී තිබිය යුතු අතර එය උද්‍යාන නිර්මාණයකට ප්‍රථම ඔබ වෙතින් ඉටු වියයුතු වැදගත් කර්තව්‍යයකි.

2019/08/07 තරුණි බලන්න

 

උපදෙස් ප්‍රවීණ උද්‍යාන අලංකරණ ශිල්පී,

ව්‍යාපාරික විසිතුරු මල් වගා උපදේශක, කෘෂි විද්‍යා ශූරී,

මාබොදලේ රංජිත් කළුආරච්චි