ගෙඋයන සුන්දර කරන

වැල්වලින් කළ නිර්මාණ
නොවැම්බර් 13, 2019

 

සොබාදහමට ආදරේ කරන ආදරණීය හිතැත්තන් බොහෝයි. ඔවුන් තමන්ගේ නිවෙස වගේම ගෙවත්තත් සොබාදහමට සමීපව නිර්මාණය කරගන්නයි වෙහෙසෙන්නේ. බලන්න, මෙහි දැක්වෙන නිර්මාණ පෙළ. ගෙඋයනට මනරම් සුන්දරත්වයක් එක්කරගන්නට කදිම අදහසක් නේද?

 

සත්ත්ව රූප, මිනිස් රූප, පලතුරු, හතු, මල්, කුරුල්ලන් ආදී සොබාදහමේ රූප මේ විදිහට වැල්වලින් නිර්මාණයකර පිළිරූ ලෙසින් ගෙවත්ත හැඩකරන්න යොදාගත හැකියි. ශ්‍රී ලාංකේය ඔබට සොඳුරු ගෙඋයන් නිර්මාණය කරන්නට මෙය තවත් අලුත්ම කලාවක් වේවි. මේ සඳහා වේවැල්, බට, උණ මෙන්ම තරමක් ඝනකමැති වියළි වැල් වර්ග යොදාගන්න පුළුවන්. ඔබේ ගෙවත්ත සුන්දර කුරුලු හා සත්ත්ව පාරාදීසයක් කරගන්නට මෙය අගනා නිර්මාණ කලාවකි. මෙවැනි රූප කොන්ක්‍රීට් යොදා සකසන ආකාරය ඔබ දැක ඇතිනේ. ඒ සඳහාත් අපි පළමුව කරන්නේ කම්බි මඟින් සැකිල්ල නිර්මාණය කරගැනීමයි. මේ සඳහාත් කළ යුත්තේ එලෙස කම්බි මඟින් සැකිල්ල සකසා පසුව වැල් මඟින් වියා හෝ යම් රටාවකට ආවරණය කරගැනීමයි.

ඔබට යම් අදහසක් ආ විට එහි දළ සටහනක් කොළයක ඇඳ ගන්න. ඉන්පසු ඒ දළ සටහනට අනුව ඵය කම්බි මඟින් නිර්මාණය කරගන්න. පසුව වැල් හෝ බට ගස්වල පටි මඟින් එම සැකිල්ල වැහෙන්නට වියමන කරගන්න.

 

 

 

2019/11/13 තරුණි බලන්න...