ගෘහ මූලිකයාට බලපාන වාස්තු දෝෂ

නොවැම්බර් 20, 2019

නිවාස සිහිනය සිහිනයක් නොවන්නට නම්....

ගෘහ මූලිකයා කියන්නේ නිවෙසේත්, පවුල් ඒකකයේත් ප්‍රධානියායි. නොසිතූ මොහොතක පියකුගෙන්, සැමියකුගෙන් ලබන රැකවරණය පවුලකට නැතිවී යනවා කියන්නේ ගෙදරට ආලෝකය සපයන මිණි පහන නිවී ගියා වැනිය.

අද ලිපියෙන් අපි කතාකරන්නේ නිවෙසේ වාස්තු දෝෂ ගෘහ මූලිකයාට බලපාන ආකාරය ගැනයි. ප්‍රධානවම ගෘහ මූලිකයාට සීහුම් දිගක්, පළලක් සහිතව නිවෙස වර්ග වී එහි බ්‍රහ්ම පාදය නිවැරැදිව පවත්වාගෙන යෑම කියන්නේ දෝෂ බොහෝමයක් භංග වෙන දෙයක්. බ්‍රහ්ම පාදය හානි කිරීම, හිතාමතා බ්‍රහ්ම පාදය පීඩා කිරීම මඟින් ඒ හා සමානවම ගෘහ මූලිකයාට විපාක ඇතිකරන බව ප්‍රත්‍යක්ෂ දෙයක්. සමහර විට ඔබ දැක ඇති බොහෝ ඉන්දියානු නිවාසවල මධ්‍යයේ බ්‍රහ්ම පාදය විසිතුරු වර්ණයේ කලාලයක් අතුරා විශේෂ ගෞරවයක් ඇති වන ආකාරයටත්, ස්වස්තික ලකුණ පසෙකින් පෙනෙන්නටත් සැලසුම් කරනවා. මේ කරුණු ඉටු වන්නේ සක්‍රීය කරන ලද බ්‍රහ්ම පදයෙන් නිවෙසක බලය වර්ධනය කරගැනීමට හැකි නිසායි.

නිවෙසක ඊශාන දිශාවේ සුදුසු අංගයන් නොදමා සම්පූර්ණයෙන්ම වෙනස් දේ නිර්මාණය කිරීම තුළින් සිදුවන්නේ ප්‍රධානවම මානසික අසහනය, මානසික චිත්ත පීඩාවන් හා රෝගාබාධවලට ලක්වීමයි. අධ්‍යාපනයටත් ආදායම් සුරක්‍ෂිත භාවයටත් මෙය කොහෙත්ම උචිත නැහැ. මෙය ගෙහිමියා නිවෙස හැර යා හැකි තවත් අවස්ථාවකි.

නිවෙසේ ප්‍රධාන උළුවස්ස එහෙම නැතිනම් මංගල ද්වාරය කියන්නේ ගෘහ මූලිකයාට බලපාන දෙයක්. එහි නිසි ආකාර උසින් හා පළලකින් තොරව සාදා ස්ථාපනය කළා කියන්නෙත් ගෘහ මූලිකයාට තම නිවෙස එපා විය හැකි දෙයක්. මංගල ද්වාරය හා සම්බන්ධ වන දෝෂ නිසා ගෘහ මූලිකයා හා නිවෙස අතර ඇති සම්බන්ධය ඈත් වෙනවා.

පහත දක්වා ඇති ලක්ෂණ ඔබේ ප්‍රධාන දොරටුවෙත් ඇත්නම් විමසිලිමත්ව හැකි ඉක්මනින් නිවැරැදි කරගැනීමට උත්සාහ කරන්න.

 

උපදෙස්

සිවිල් ඉංජිනේරු,

වාස්තු විද්‍යා  විශාරද,

ආචාර්ය ගයාන් එරමුදුගොඩ

 

2019/11/20 තරුණි බලන්න