ස්වාභාවිකත්වය

ගෙතුළට කැන්දමු
දෙසැම්බර් 18, 2019

 

සොබා සෞන්දර්යයට අපේ ඇති කැමැත්ත අතිමහත්ය. එය බොහෝවිට අපේ ජාන සමඟ බැඳී පවතින දෙයක් විය හැකියි. විදුලි පංකා, වායු සමීකරණ වැනි යන්ත්‍ර, ටෙරාසෝ හෝ ටයිල් ඇතිරූ පොළොව අපේ ගතට කෙතරම් සුවපහසුවක් රැගෙන ආව ද ස්වාභාවිකත්වය ඒ සියල්ලම පරදවාලයි.

සුන්දර වනපෙත හරහා හමන සිහිලැල් සුළඟ, ගුමු ගුමු නද දෙමින් ගලාබසිනා දියදහර, සුපිපි මල් වෙතින් වහනය වන අපුරු සුගන්ධය ආදී මේ සියලු සොබා සෞන්දර්යයන් අපේ හදවත් අමන්දානන්දයෙන් පුරවාලයි.

මෙම හේතුව නිසාම වර්තමානයේ බොහෝදෙනකු තම සොඳුරු කැදැල්ල නිර්මාණය කිරීමේ දී ‘ස්වාභාවිකත්වය’ යන සංකල්පයට ඉහළ වටිනාකමක් ලබාදී ඇති බව පෙනේ.

ඒ කෙසේවුවත් ස්වාභාවිකත්වය නිවෙස තුළට කැන්දාගෙන ඒමට ඔබත් කැමැති නම්, ඒ සඳහා ඔබටත් අවශ්‍යතාවක් තිබේ නම් නිවෙස සැලසුම් කරන අවස්ථාවේ දී සිටම එයට සූදානම් වීම ඉතා වැදගත්.

 

සජීවී ශාකයක පහස

අතුපතර විහිදී ගිය තරමක විශාල ශාකයක් නිවෙස ඇතුළට ගන්නට ඇතැම්විට ඔබ කැමැති ඇති. එය ගෙතුළට මැදිවන ආකාරයට පිටතින් බිත්ති වැනි දෑ ඉදිකළ හැකියි.

එසේ කිරීමේ දී ශාකයේ ඉදිරි කාලීන වර්ධනය ගැන සේම එම ශාකය නිසා නිවෙසේ අත්තිවාරමට, බිත්තිවලට, වහලයට ඇතිවිය හැකි බලපෑම පිළිබඳ ද අවධානය යොමු කළයුතුය.

එසේම මේ ශාකයේ හටගන්නා මල්, කොළ, ගෙඩි ආදී ඵලදාව සහ එහි දිරායන කොටස් ඉවත් කිරීම සම්බන්ධයෙන් ද යම් ක්‍රමවේදයක් සකසා ගතයුතු වේ.

ස්වාභාවිකත්වය ගෙතුළට

ඇතැම් අවස්ථාවලදී ඔබට නිවෙස ඉදිකරන භූමියේ පිහිටීම එනම් ගෙබිමෙහි උස්පහත් ස්ථාන, කඳුගැට ආදිය ඒ ආකාරයෙන්ම ගෙන ගෘහ නිර්මාණය සකසා ගත හැකිය. තවත් විටෙක ස්වාභාවිකව පිහිටි කළුගල් තලාවක් වුවද ගෙතුළට එක්කර එමඟින් ස්වාභාවික පරිසරයක සුන්දරත්වය පහසුවෙන්ම අත්විඳ ගැනීමේ හැකියාව පවතී.

 

2019/12/18 තරුණි බලන්න...........

 

 

උපදෙස් ප්‍රවීණ උද්‍යාන අලංකරණ ශිල්පී,

ව්‍යාපාරික විසිතුරු මල් වගා උපදේශක, කෘෂි විද්‍යා ශූරී, මාබොදලේ

රංජිත් කළුආරච්චි