මල් ගොමු නිසා කැපී පෙනෙන චමත්කාරයක්

ජනවාරි 22, 2020

නිවෙසක පෙනුම වඩාත් සොඳුරු වන්නට නම් විචිත්‍රවත් උද්‍යානයක් ඊට එකතු විය යුතුමයි.

මෙහිදී උද්‍යානයේ දර්ශනයන් සිත්ගන්නා සුලු අන්දමින් සකසා ගැනීමට ඔබ වැඩි සැලකිල්ලක් දැක්විය යුතු අතර එමඟින් නිවෙසත්, නිවෙස වටාවූ ගෙඋයනත් චමත්කාරජනක කරගත හැකියි.

සාමාන්‍යයෙන් නිවෙසක ඉදිරිපස කොටසේ මෙන්ම නිවෙස දෙපස පිහිටි හිස් බිම්කඩ තුළ ඔබට විවිධ උද්‍යාන අංග නිර්මාණය කළ හැකියි. එම අංගවලට වඩාත් කලාත්මක ස්වරූපයක් එකතු කිරීම හරහා අපූරු සිත්ගන්නා සුලු වටපිටාවක් නිමවා ගත හැකියි.

මල්ගොමු

උද්‍යාන නිර්මාණකරණයේ යෙදෙන බොහෝදෙනකු වඩාත් පහසුවෙන් කළහැකි කාර්යයක් වූ මල්ගොමු සැකසීම සිදුකරති. එහෙත් ඒ සඳහා විධිමත් ක්‍රමවේදයක් අනුගමනය නොකළහොත් සිදුවන්නේ සුන්දරත්වය වෙනුවට අසුන්දරත්වය ළඟාවීමයි. මේ නිසා ගෙඋයන තුළ මල්ගොමු වැවීමේ දී අනුගමනය කළයුතු ක්‍රමවේද මොනවා දැයි අපි අද සොයා බලමු.

ශාක තෝරාගැනීම

 

මල්ගොමු සඳහා යෙදීමට වඩාත් උචිත වන්නේ අඩි 05 ත් 07 ත් අතර පමණ උසකට වැඩෙන ශාකයන්ය. එමෙන්ම කුඩා පඳුරු වශයෙන් වැඩෙන බහුවාර්ෂික ශාක ද මේ සඳහා සුදුසු වේ.

මෙම ශාක කලාත්මක ස්වරූපයක් ඇතිව සකස් කළයුතු වේ. එබැවින් ඒවායේ පත්‍ර, ශාක කඳෙහි හැඩය මෙන්ම ශාකයේ අතුඉති විහිදී යන ආකාරය පිළිබඳ ද සැලකිලිමත් විය යුතු වේ.

මල් සමූහයක් ලෙසින් පිපෙන ශාක ද මේ මල්ගොමු සඳහා සුදුසු වේ. එමෙන්ම විශාල වශයෙන් අතුපතර විහිදී යන ශාක සහ මූල පද්ධතිය බොහෝසෙයින් විහිදීයන ශාක ද මේ සඳහා තෝරා නොගත යුතුය.

මල්ගොමු සඳහා පාත්ති සැකසීම

 

උපදෙස් - ප්‍රවීණ උද්‍යාන අලංකරණ ශිල්පී, ව්‍යාපාරික විසිතුරු මල් වගා උපදේශක, කෘෂි විද්‍යා ශූරී,

මාබොදලේ

රංජිත් කළුආරච්චි

 

2020/01/22 තරුණි බලන්න