නවීන පන්නයේ නිවෙසකට ස්වභාව ධර්මයේ තේමාව

පෙබරවාරි 5, 2020

සියලුම පහසුකම්වලින් අනූන වූ සුඛෝපභෝගී නිවෙසක්.... මේ අපි කොයිකාගේත් අවිහිංසක පැතුමයි. සඟරාවලින්, රූපවාහිනියෙන්, චිත්‍රපටවලින් ලස්සන ලස්සන කැදැලි දකිද්දි අනේ අපි කවදා නම් මෙවැනි කැදැල්ලකට උරුමකම් කියාවිද ?

එහෙම සිතුණු වාර ඔබටත් තිබුණි ද?

සියල් සපිරි නිවෙසක් පතන්නට සිතන ඔබ එහි ගෘහ අලංකරණය සඳහා තේමාවක් කරා යෑම වඩාත් උචිතය. එවිට දකින දකින දේ මිතුරු මිතුරියන් ගෙනෙන ගෙනෙන දේ

නිවෙසේ තබන්නට පෙර ඒ පිළිබඳ මොහොතක් හෝ සිතනු ඇත.

තේමාවට අනුගතවීම

තේමාවකට අනුගත වීමෙන් ඔබේ නිවෙසේ බෙහෙවින් සරල එකක් වනු ඇත. එහි කලබලකාරීත්වයක් ඇත්තේම නැත. ඒ වෙනුවට සිතට නිස්කලංක බවක්ම ගෙනෙනු ඇත.

මේ තේමාව නිවෙසේ එක් එක් කොටස්වලට නොව මුළු නිවෙසේම හිස් අවකාශයන් සඳහා යොදාගන්නේ කොහොම ද? නිවෙස පිහිටි තැන, එහි ඇති හිස් අවකාශයන් කෙසේ පිහිටියේ ද? නිවෙසේ වසන අයගේ රුචි, අරුචිකම් මොනවා ද? ඒ අයගේ වෘත්තීන් මොනවා ද? නිවෙස සාදා ඇති ගෘහ නිර්මාණ ශිල්පීය ක්‍රම මොනවා ද? මේ සියලුම නිර්ණායකයන් තේමාව සඳහා වැදගත් වේ.

ස්වභාව ධර්මය තේමාව කරගනිමින්

අපි හිතමු ඔබේ තේමාව වුණේ ස්වභාව ධර්මය එහෙමත් නැත්නම් පරිසරය. මෙහි ඇති ඡායාරූප දෙස බලන්න. මෙය අපාර්ට්මන්ට් එකක ඉහළ මහලේ තැනූ නිවෙසක්. එහි පිටතින් පෙනෙන සුන්දරත්වය කෘත්‍රිම මල් ගොමුවක් නිවෙස අභ්‍යන්තරයට ද ගෙන තිබෙනවා.

එහි මල්වල වර්ණයන් නිවෙස ඇතුළත ආලේප කළ තීන්ත සඳහා ද එකතුකරගෙන තිබෙනවා. පිට ඇති අවකාශය නිවෙස තුළට කෘත්‍රිමව ආදේශනය කරමින් ගෘහ අලංකරණය අපූරුවට කළ අවස්ථාවකි මේ. මෙය කුඩා ඉඩකඩක කළ නිවෙසකි. නිවෙසේ ඉඩකඩ උපරිමව භාවිත කරමින් තේමාවට ගැළපෙන පරිදි විවිධ අංග එකතු කිරීමේ අවස්ථාව ඔබට හිමිවනවා.

මහල් නිවෙසක උඩු මහලේ නිවෙසක් එහෙම පිටින්ම දිස්වනුයේ ගොඩනැගිල්ලක් ලෙසිනි. එවැනි නිවෙස් නිවෙසක් ලෙස දිස්වන්නේම නැතිතරම්ය. නිල්වන් අහස ඈතින් දිස්වන හරිත පැහැය කැටිවූ ස්වභාව ධර්මය තේමාවක් ලෙස ගැනීමෙන් උඩුමහලේ නිවෙසක ජීවත්වනවා යැයි හැඟෙන්නේ නැත.

ස්වභාව ධර්මය තේමාව කරගත් පලියට නිවෙස ඇතුළත විසිතුරු ශාක පත්‍ර සහ මල් බඳුන් තැබීම, වේළුණු මුල් ආදිය තැබීටමම අවශ්‍ය නැහැ.

 

උපදෙස් - ප්‍රවීණ ගෘහ අලංකරණ ශිල්පිනී

ආචාර්ය

දිලිනි හල්විටිගල

 

ඡායා - ශාන් රූපස්සර

2020/02/05 තරුණි බලන්න