ගෙදර නතචද එක තමන්ම ඇඳගන්න

පෙබරවාරි 12, 2020

දවසකට තියෙන්නේ පැය විසිහතරයි. ඒ කාලය තුළ අපි මොනතරම් දේ කරනවද? ඒත් සමහර අවස්ථාවලදී දවසකට කරගන්න තියෙන වැඩ කන්දරාවත් එක්ක පැය 24 ත් මදිවෙන අවස්ථා ඕනේ තරම් තිබෙනවා. සමහර අය වැඩ ටික කළමනාකරණය කරගෙන පිලිවෙළකට කරගත්තත් සමහර අයට එහෙම බැහැ.

එහෙම අය ඔළුව වටේ අත දාලා නහය අල්ලනවාක් මෙන් බොහොම කරදර විඳිනවා. නැත්නම්, මිතුරකුගෙන් හෝ සමීපතමයකුගෙන් උදවු ඉල්ලා ඔවුන්ටත් කරදරයක් වෙනවා. ඒ වෙනුවෙන් දවස තුළ අපි අනවශ්‍ය දේට ගතකරන කාලය සහ මුදල් ඉතිරි කරගන්න තාක්ෂණික දැනුමින් හැකියාව ලැබෙනවා. ඔබ නිරතුරුවම අලුත්වන තාක්ෂණයත් සමඟ බැඳී සිටිය යුත්තේ ඒ නිසයි. තරුණී අප සතිපතා මේ ඉඩහසර වෙන්කරන්නේත් වෙනස්වන ලෝකයට දිනෙන් දින එකතුවන තාක්ෂණය ඔබට හඳුන්වා දෙන්නටයි.

Virtually කුරුටු චිත්‍ර අඳින්න - Mark AR

ඔබේ අතේ තියෙන Smart  ජංගම දුරකථනය හරහා ඕනෑම බිත්තියක් ඔබේ චිත්‍ර අඳින කැන්වසයක් කරගන්න ඉතාම ඉක්මනින් ඔබට පුළුවන් වේවි. එය සිදුවන්නේ මෙහෙමයි. මේ app  එක තුළ බිත්ති, කඩදාසි, බෝඩ් සහ කැන්වස් ආදී ක්‍රම කිහපයක් යටතේ ඔබගේ සිතුවම නිර්මාණය කරගත හැකියි. එහි විශේෂත්වය වන්නේ ඒ එක් එක් categories  යටතේ තවත් වර්ග කිහිපයකට වෙන්ව තිබීමයි. ඔබ තෝරාගන්නේ කඩදාසි නම් කඩදාසි යටතේ ඔබට කඩදාසි වර්ග රාශියක් තෝරාගන්න පුළුවන්. බිත්ති ද එලෙසමයි. එහිදී රළු බිත්ති ස්වභාවයේ සිට රළු බවින් අඩු බිත්ති දක්වා ඔබගේ තෝරාගැනීම කළ හැකියි. ඉතින් ඔබගේ ස්මාර්ට් දුරකථනයෙන්ම බිත්ති සිතුවම් නිර්මාණය කිරීමේ අත්දැකීම විඳගන්න පුළුවන්.

මේ ඇප් එක මඟින් එවැනිම වු විවිධ චිත්‍ර නරඹන්නත් අවස්ථාවක් ඔබට ලැබෙනවා. ඒ නිසා ඔබ නිර්මාණය කරන්න බලාපොරොත්තු වන සිතුවමට අදහසක් ලබාගන්න එය පහසුවක් වේවි. මේ අපූරු තාක්ෂණය සැබෑවන්නට ගතවනු ඇත්තේ බොහොම සුළු කාලයක් පමණයි.

 

උපදෙස්

අනුරාධ කාරියවසම්

ශී‍්‍ර ලංකා යොවුන් සේනාංකයේ පරිගණක උපදේශක

2020/02/12 තරුණි බලන්න