පියසි උද්‍යානයක් තනමු

පෙබරවාරි 26, 2020

A Roof Garden

සීමිත ඉඩකඩ සමඟ වර්තමානය වනවිට දෙමහල් හෝ තට්ටු නිවාස ඉදිකිරීම වැඩි වශයෙන් දක්නට ලැබේ.

මෙවැනි නිවාස සඳහා ගෙබිමෙහි පිහිටි උද්‍යානයට අමතරව උඩුමහල සඳහා ද උද්‍යානයක් එකතු කළහැකි අතර ඇතැම්විට ගෙබිමෙහි ඉඩකඩ නොමැති කළ ඉහළ කොන්ක්‍රීට් තට්ටුව මත උද්‍යානයක් සකස් කළහැකි වේවි.

එය පියසි උද්‍යානය එහෙමත් නැතිනම් ‘අධධට ට්චපඤඥද’ ලෙසින් හඳුන්වන අතර ඔබේ නිවෙසේ ඉහළ මහලටත් මෙවැනි පියසි උද්‍යානයක් එකතු කරන්නේ නම් එය ඉතාමත් සැලසුම් සහගතව කළයුත්තකි. මන්ද මෙවැනි උද්‍යානයක් සඳහා වැඩි බරක් යෙදෙනා බැවින් එම බර දරාගැනීමට හැකි ආකාරයට කොන්ක්‍රීට් කණු යෙදිය යුතුය. ඊට අමතරව අවම වශයෙන් අඟල් 04 ක්වත් ඝනකම සහිත කොන්ක්‍රීට් තට්ටුවක් යෙදීම අත්‍යවශ්‍යයි.

කල් පැවැත්ම පිළිබඳ ගැටලු

සාමාන්‍යයෙන් පියසි උද්‍යානයක් නිර්මාණය කිරීම පොළොව මත ගෙඋයනක් තැනීමට වඩා තරමක් බැරෑරුම් කාර්යයක් බව අප සඳහන් කළා. මන්ද මෙවැනි උද්‍යානයකට යොදනා පැළෑටි පවා විමසිලිමත්ව තෝරා ගතයුතු වන්නේ ඒවායේ මුල් පවා කාලයක් ගතවීමේ දී කොන්ක්‍රීට් තට්ටුවට හානියක් විය හැකි බැවිනි. එමෙන්ම නිරතුරුවම ජලය රැඳී තිබීම මත හානි සිදුවිය හැකි අතර එමඟින් පියස්සේ ශක්තිය බාලවී කල් පැවැත්ම පිළිබඳ ගැටලු ඇති කරාවි.

ජලය අවමයෙන් අවශ්‍ය ශාක

එබැවින් ඉහළ මහලට යොදාගන්නා ශාක පිළිබඳ මනා අවබෝධයක් ඔබ සතු විය යුතුය. මෙහිදී ජලය අඩුවෙන් අවශ්‍ය ශාක වැනි දෑ තෝරාගැනීමට වගබලාගන්න. එනම් අක්කපාන, අරලියා, කැක්ටස්, ඉයුෆෝබියා වැනි ශාක මේ සඳහා සුදුසු වේ. ඊට අමතරව සැන්සිවේරියා (හණ), බෝගන්විලා වැනි පැළෑටි ද ඔබට තෝරාගත හැකියි.

ජලය රැඳී නොතිබෙන්නට

සාමාන්‍යයෙන් කොන්ක්‍රීට් තට්ටුවක් මත කාලයක් ජලය රැඳී තිබීමෙන් එයට හානි සිදුවිය හැකියි. එබැවින් කොන්ක්‍රීට් තට්ටුව මතුපිට කුඩා බෑවුමක් සිටින සේ බදාම තට්ටුවක් යොදාගත යුතුයි. එමෙන්ම කොන්ක්‍රීට් තට්ටුව මත ජලය උරා නොගන්නා ආලේපයක් තවරා ගැනීම හා ෆයිබර් තට්ටුවක් යෙදීම ද තවත් විකල්පයන්ය.

 

උපදෙස් - ප්‍රවීණ උද්‍යාන අලංකරණ

ශිල්පී, විසිතුරු මල් වගා උපදේශක, කෘෂ ි විද්‍යා ශූරී, මාබොදලේ

රංජිත් කළුආරච්චි

2020/02/26 තරුණි බලන්න.