නිවෙස සරසන හුරුබුහුටි Swiming pools

මැයි 25, 2020

ලස්සන නිවහනක් කාගේත් පැතුමයි. ඒ නිසාම තම ගෘහය අලංකාර කරගන්නට විවිධ අංගෝපාංග නිවාස සැලසුමට එක්කර ගන්නට බොහෝ අය වෙහෙසෙති. මේ අංගෝපාංග අතර අද දවසේ දී වැඩි වශයෙන් කාගේත් සිත් ඇදී යන දෙයක් වේ නම් ඒ පිහිනුම් තටාකයි. Swiming pools ලෙස කවුරුත් දන්නා මේ පිහිනුම් තටාක නවතම තාක්ෂණයන්ට අනුව තම ගෘහයට එක්කරගත හැකියි.

බොහෝ නූතන නිවෙස්වල රූප් ටොප් හි කොටසක් වෙන්වන්නේ මේ සඳහාය. සැඳෑ හා රාත්‍රී කාලයේ හිතවතුන් සමඟ සාද පවත්වමින් දිය බුන් ගහන්නට මෙම නවතම නිවෙස්වල වහලය කොටස හෙවත් රූප් ටොප් වෙන් කරති. තමත් සමහරෙක් ඉඩපහසුකම් සහිත භූමියක් ඇත්නම් මිදුලේ හෝ නිවෙසේ පහත මහලට අනුයුක්තව මෙම පිහිනුම් තටාකය ඉදිකරයි.

එහෙත් ආවාට ගියාට පිහිනුම් තටාක නිවෙසකට එක්කරන්න බැහැ. ඒ සඳහා පළමුව වාස්තු කාරණා සොයා බැලිය යුතුයි. රූප් ටොප් හි එය සාදන්නේ නම් නිවෙසේ පාදම හෙවත් මූලික අත්තිවාරම තටාකයේ බර රැඳවිය හැකි ලෙස, දැරිය හැකි ලෙස සකස්කර ගන්නට සැලකිලිමත් විය යුතුයි. ඒ වගේම තටාකයේ ගැඹුර, හැඩය, ජලනල මාර්ග ආදිය නිසි ලෙස ගළපාගත යුතුයි. නිවෙසේ කුඩා දරුවන් හිඳින්නේ නම් ඔවුන්ගේ ආරක්ෂාවට ආරක්ෂක වැටවල් යෙදිය යුතුමයි.

පිහිනීම කියන්නේ හොඳ ව්‍යායාමයක් බව කවුරුත් දන්නවා. පිහිනුම් තටාකයක් කියන්නේ ජල තෙරපි සඳහා මෙන්ම සිරුරේ හැඩයට අවශ්‍ය වන ව්‍යායාම කිරීමටත් කදිම තැනක්. ඒ නිසා නිරෝගී සුව පතන පවුලකට පිහිනුම් තටාකයක් කියන්නේ කදිම ආයෝජනයක්.

මේ පිහිනුම් තටාක අපිට විවිධ මෝස්තරයන්ට අනුව සකසා ගත හැකියි. ඒ වගේම අතේ ඇති මුදලට කුඩාවට මෙන්ම තරමක් විශාලවත් සකස්කර ගන්න පුළුවන්. අද අප ගෙන එන මෙම විවිධ හැඩයේ, විවිධ ප්‍රමාණයේ, විවිධ මෝස්තරවල අලංකාර පිහිනුම් තටාක ඔබේ ඒ තෝරා ගැනීම වෙනුවෙනි. මේවා රූප් ටොප් මෙන්ම ගෙවත්තේ ඉදිකිරීම අනුවත් ගැළපෙන ලෙස තෝරාගත යුතුයි.

 

අන්තර්ජාලයෙනි