සාර්ථක වැටකොළු වගාවකට උපදෙස්

ජූලි 8, 2020

මෙතෙක් කාලයක් බොහෝ දෙනකු පුරුදු වී සිටියේ නිවෙසේ  එදිනෙදා අවශ්‍යතා සඳහා මස්, මාළු, බිත්තර මෙන්ම එළවළු, පලතුරු, පලා ආදිය ද  වෙළඳපොළෙන්  දිනපතා හෝ සතිපතා  මිලදී ගැනීමටයි.

නමුත් පසුගිය සමයේ ලැබුණු විවේකයත් සමඟම බොහෝ දෙනෙකු වගාවට  යොමු වූ අතර දෛනිකව නිවෙසට අවශ්‍ය බොහොමයක් දේ ඉඩකඩ ඇති පරිදි  තම ගෙවත්තේම වගා කර ගැනීමට පුරුදු වූහ.

එමගින් ඉතා අඩු පිරිවැයකින් හොඳ අස්වැන්නක් ලබාගැනීමටත්, නැවුම් එළවළු,පලතුරු,පලා ආහාරයට ගැනීමට හැකි වීමත් යන කාරණා නිසාම බොහෝ දෙනෙකු මේ වගාවට  වැඩි කැමැත්තක් දක්වති.එමෙන්ම  විවිධ වගා ක්‍රම අත්හදා බලන්නටත් ඒ අනුව සරුසාර ගෙවත්තක් හිමිකර ගන්නටත් ඔවුහු උනන්දු වෙති.

ඒ වෙනුවෙන් ඔබට  අපූරු සහයෝගයක් දක්වන මේ ගෙවත්තේ සෞභාග්‍යය විශේෂාංගය තුළින් අද අපි කතා කරන්නේ කුඩාවට වැටකොළු වගාවක් පවත්වා ගන්නා ආකාරයයි. 

ඔබට තරමක ඉඩකඩ සහිත ගෙවත්තක් තිබෙන්නේ නම් අඩි හතරක් පළල, අඩි හතරක් දිග ස්ථානයක් මෙම වැටකොළු වගාව සඳහා තෝරා ගත හැකිය. මෙය නිවෙසක් තනා ඉතිරි ඉඩකඩෙහි කළ හැකි අවම ප්‍රමාණය වෙයි. එහෙත් ඊට වැඩි ඕනෑම ඉඩ ප්‍රමාණයක් මෙම වගාව සඳහා යොදා ගත හැකි වේ.

ප්‍රභේද

දැනට වගාව සඳහා යොදා ගැනෙන වැටකොළු ප්‍රභේද කිහිපයකි. ඒ ගැන සඳහන් කරනවානම් තද කොළ පැහැති දිගු කරල් හටගන්නා

" ඹ් 33" (එල් 33) වර්ගය ද " ආසිරි " ප්‍රභේදය ද " ගන්නොරුව ආරි " නම් වූ ප්‍රභේදය ද වඩාත් ජනප්‍රියයි. මේවා අතරින් ඔබගේ කැමැත්ත මත වගාව සඳහා ප්‍රභේදයක් තෝරා ගත හැකිය .

වගා භූමිය සැකසීම

මුලින්ම අඩි 1 ය 1 ප්‍රමාණයට වළවල් සකසා ගත යුතුය .මෙහිදී වළවල් අතර පරතරය අඩි 4 × 4ක් පමණ තබා ගැනීමට වග බලාගන්න. අනතුරුව මෙම වළවල් වලට කාබනික පොහොර කලවම් කර සතියක් පමණ තබන්න.මේ සඳහා ඔබට කුකුළු පොහොර, ගොම පොහොර, කොම්පෝස්ට් පොහොර හෝ දිරාගිය කොළ පොහොර භාවිත කළ හැකිය.

බීජ සිටුවීම

සාමාන්‍යයෙන් වැටකොළු බීජ තුනක් හෝ හතරක් එක වළක සිටුවා ගත යුතු අතර එම වළ තුළ එක් බීජයක් සෙන්ටි මීටර් 4.5 ක් පමණ ඈතින් සිටුවා ගන්න.එමෙන්ම සෙන්ටි මීටර් දෙකක් පමණ ගැඹුරින් මෙම බීජ සිටුවා ගැනීම සුදුසු වේ. බීජ සිටුවා ගැනීමට පෙර දිනක් පමණ ඡලයේ පොඟවා ගැනීමෙන් පැළවීමේ ශක්තිය වැඩිවන බවත් අමතක නොකරන්න.

 

උපදෙස් - ප්‍රවීණ උද්‍යාන අලංකරණ

ශිල්පී, විසිතුරු මල් වගා උපදේශක, කෘෂ ි විද්‍යා ශූරී, මාබොදලේ

රංජිත් කළුආරච්චි

 

2020/07/08 තරුණි පුවත්පත බලන්න.