ගෘහ නිර්මාණ ශිල්පයේ අලුත්ම සංකල්පය

ජූලි 29, 2020

ගෙයක් හදනවා වගේම ලස්සනට තියාගැනීමත් එක්තරා කලාවක්.මේ කලාව හරියටම ඉගෙන ගත්ත ගෘහණියකට ගෙයක්

පිළිවෙළට තබා ගැනීම මහ ලොකු ාජකාරියක්නොවෙයි.සමහර ගෙවල්වල ඇඳුම් අඳීනව කියන්නෙ වෙනම ම යුද්ධයක් වගෙයි.

ඇඳපු ඇඳුම් ගේ පුරාම ....

වේලපු රෙදි පුටු උඩ තැන් තැන්වල ,මේවගේ ප්‍රශ්න මාලාවක් රෙදි ගැන විතරක් ගෙදරක තිබෙනවා.ගෙදරක කාමරවල අපිළිවෙල නැති වීමට ප්‍රධාන හේතුව මේ ආකාරට නිමක් නැති රෙදිපිළි විතරක්ම නොවෙයි තව බොහෝ හේතු තිබෙනවා.

මේ ප්‍රශ්න සියල්ලටම විසඳුම වන  Dressing Room  ටිකක් අපට නුහුරුයි. මේ සංකල්පයකුමක් ද අද අපි හඳුනා ගනිමු .

හැබැයි මෙය ශ්‍රී ලංකාවේ වාස්තු විද්‍යාවට අලුත් දෙයක් නොවෙයි.

මැද මිදුල් අතීතයේ සිට පෙරදිග මෙන්ම ග්‍රීක සහ මිසර ගෘහ නිර්මාණ ශිල්පයේ සිටපැවත එන සංකල්පයක්.

මෙය වඩාත් සාර්ථකව අද සංකීර්ණ සමාජයට ආදේශ කරගෙන තිබෙන්නේ නවඅංගයන් එකතුකර ගනිමින්. එය නිර්මාණය කර ගන්නාගන්නා ආකාරය අද අපි සලකා බලමු.

පසුගිය සතියේ ගෘහණියගේ දැනුම පෙ‍තෙන් සාකච්ඡා කළේ නාන කාමර පිරිසුදු කිරීම පිළිබඳවයි. මෙහි තවත් දිගුවක් ලෙස අද හඳුන්වා දෙන සංකල්පය හදුන්වන්න පුළුවන්.

අලුතින් ඉදිකිරීමට නියමිත නි‍වෙසක ට නම් ඔබේ නිවෙස නිර්මාණය කරන අවස්ථාවේම මෙම සංකල්පය ඔබ ට කැමැති ආකාරයෙන් යොදාගත හැකියි. නමුත් දැනට ගෙයි සැලැස්ම වෙනස් කළ නොහැකි යැයි සිතමු.

මෙය එවැනි නිවෙසකට යෝග්‍ය වන අන්දමින් වෙනස් කළ හැකි ආකාරය අප විමසාබලමු.

අප පසුගිය ලිපිවලින් ඔබ දැනුවත් කළ ආකාරයට නාන කාමරය නිර්මාණය කළේ නම්දැන් එය ඉතා ප්‍රසන්න තැනක් බවට පත් කරගෙන අවසානයි. එවැනි නාන කාමරක් නිර්මාණය කළ ඔබට ඊට යාබද කාමරය මෙම ඇඳුම් මාරු කරන ස්ථානය(Changing Room) ලෙස භාවිතා කිරීමට හැකි නම් කෙතරම් අගනේ ද?

*මේ කාමරය භාවිත වන ආකාරය *

ඇඳුම් කාමරය ලෙස භාවිත කිරීම

නමට ම ගැළපෙන ආකාරයට සියලු සාමාජිකයින්ගේ රෙදි ඇත්තේ මේ කාමරයේ ය.නිතර අඳීන කාර්යාලීය සහ වෙනත් ඇඳුම් සියල්ලම තබා ඇත්තේ මෙහි ය. එක් එක් සාමාජිකය වෙන රාක්ක, කබඩ් සහ ලොන්ඩ්‍රි බකට් වෙන වෙන ම ඇත.

කිළිටි ඇඳුම් ගලවන්නේත් අලුත් ඇඳුම් අඳීන්නේත් මෙහි දී ම ය.

උපදෙස් : ජල නළ කාර්මික උපදේශක

(ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය)

අජන්ත කාරියවසම්

 

2020/07/29 තරුණි බලන්න