ඉඩකඩ ඇති පරිදි මඤ්ඤොක්කා වගා කරමු

අගෝස්තු 12, 2020

තමන්ගේ ගෙවත්තේ ඉඩකඩ ඇති පරිදි වගා කළ හැකි බෝග අතර ප්‍රධාන තැනක් ගන්නා බෝගයක් ලෙස මඤ්ඤොක්කා හැඳින්විය හැකිය. මඤ්ඤොක්කා අල තම්බා පොල්, ලුණු මිරිස් සමඟ මෙන්ම මස් හෝ මාළු ව්‍යාංජනයක් සමඟ ඉතා රසවත්ය.

එසේම මඤ්ඤොක්කා පොල් මැල්ලුම, තෙල් දැමුම මෙන්ම ව්‍යාංජනයත් අතීතයේ සිටම ජනප්‍රිය පිසින ක්‍රමයි.

පිළිකා නාශක ගුණ ඇති නිසා සිරුරට ගුණ දායක මඤ්ඤොක්කා පෙති බැද ආහාරයට ගැනීම නගරයේ ජනප්‍රිය ආහාරයකි.

මඤ්ඤොක්කා කොළද මැල්ලුමක් ලෙස ගැමි ගෘහණිය නිතරම ආහාරය පිණිස සකසන්නීය. ඉහළ ඉල්ලුමක් ඇති නිසා තරමක ඉඩකඩ සහිත ගෙවත්තක නම් මේ මඤ්ඤොක්කා ගස් කිහිපයක්ම වවා හොඳ ආදායමක් ද ලබාගත හැකි ය .

සාමාන්‍යයෙන් ශීත දේශගුණයක් සහිත ප්‍රදේශවල හැර ලංකාවේ අනෙකුත් සෑම ප්‍රදේශයකම මඤ්ඤොක්කා හොඳීන් වගා කළ හැකිය.

මෙහි ශාක කොටස්වල ශරීරයට විස සහිත හයිඩ්‍රජන් සයනයිඩ් (ඩ්ඛ්ව්) අඩංගුවන අතර අප වගාවන් සඳහා යොදාගනු ලබන්නේ මේ විස ප්‍රමාණයෙන් අඩු මඤ්ඤොක්කා ප්‍රභේදයන් ය.

එහිදී කලක සිට අප දන්නා හඳුනන කිරි කවඩි, පේරාදෙණි ආදී ප්‍රභේදයන් සේම ශානි, සුරනිමල සහ ස්වර්ණා යන අලුතින් හඳුන්වා දී ඇති ප්‍රභේදයන්ද වගාව සඳහා යොදා ගැනේ.

වගාව සඳහා උර භාවිතය

ඔබ ඉඩකඩ අවම ගෙවත්තක හෝ ගෙවත්තක් නොමැති නිවෙසක ජීවත් වුව ද මඤ්ඤොක්කා වගාව පහසුවෙන් කළ හැකි වේ.

එනම් නිවෙසේ විවිධ අවශ්‍යතා සඳහා රැගෙන එන පාවිච්චියෙන් පසු ඉවත දමන පොලිතින් උර මේ සඳහා භාවිත කරන්නට පුළුවනි.

මෙහිදී පොඩි උර වෙනුවට තරමක් ලොකු උර භාවිතා කරනවානම් ඉහළ අස්වැන්නක් එක ගසකින් වුවද ලබා ගත හැකි වේවි .

මෙම උර තුළ මඤ්ඤොක්කා වගාවක් කිරීමට නම් පළමුව පොහොර පස් මිශ්‍රණයක් පුරවා ගත යුතුය.

 

ඒ සඳහා ඔබට පහත සඳහන් බඳුන් මිශ්‍රණය භාවිත කළ හැකිය.

බඳුන්ගත මිශ්‍රණය

මෙලෙස සකසා ගනිමු

* මතුපිට පස් කොටස් 02 ක්

* දිරාගිය කොළරොඩු හෝ කොම්පෝස්ට්

කොටස් 01 ක්

* වියළි ගොම හෝ කුකුළු පොහොර

කොටස් 01 ක්

* ත්‍රිපල් සුපර් පොස්පේට් ( ඊඉඊ ) ග්‍රෑම් 10 ක්

( එක් උරයකට)

ඉහත සඳහන් මතුපිට පස්, දිරාගිය කොළ රොඩු හෝ කොම්පෝස්ට්, වියළි ගොම හෝ කුකුළු පොහොර මේ සියල්ල සමඟ ඊඉඊ ග්‍රෑම් දහයක් ද එකට කලවම්කර වගා මිශ්‍රණය උරයකට දමා ගන්න.

වළවල් සැකසීම

ඉඩකඩ සීමිත නිසා මෙම උර භාවිත කළද ඔබට තරමක ගෙවත්තක් තිබේ නම් ස්ථිර භූමියේ කෙළින්ම මඤ්ඤොක්කා සිටුවා ගැනීමට පුළුවනි. ඒ සඳහා අඩි දෙක 2 × 2 × 2 ප්‍රමාණයේ වළවල් සකස් කරගන්න. අනතුරුව ඉහත සඳහන් ද්‍රව්‍ය මිශ්‍ර කරමින් වගා මාධ්‍ය සකසා ගන්න. ශාක අතර අඩි 3 × 3 × 3 ප්‍රමාණයක පරතරයක් වගාවේ දී යොදාගත හැකි අතර එහිදී මඤ්ඤොක්කා පැළ අතර වෙනත් යටි වගාවක් ද කළ හැකිය. එලෙස වෙනත් වගාවක් කරන්නේ නම් පේළි අතර පරතරය තවත් වැඩි කරගැනීමට වග බලා ගන්න.

 

උපදෙස් - ප්‍රවීණ උද්‍යාන අලංකරණ ශිල්පී,

විසිතුරු මල් වගා උපදේශක, කෘෂ ි විද්‍යා ශූරී, මාබොදලේ

රංජිත් කළුආරච්චි

 

 

2020/08/12 තරුණි පුවත්පත බලන්න