අපූරු හැඩ සහ රටා මවන කැඩපතක චමත්කාරය

සැප්තැම්බර් 2, 2020

සොඳුරු වතකමල සේම හැඩකාර සිරුරත් ඒ සිරුරේ සුන්දරත්වය ඔපලන ඇඳුමේ පැළඳුමේ අපූර්වත්වයත් ඔබේ දෑසට පෙන්වා දෙන්නේ කැඩපතයි. ඉතින් ඒ නිසාම කැඩපත අපට නැතිවම බැරි උපාංගයක් වී හමාරයි.

විශේෂයෙන්ම කාන්තාවකට නම් කැඩපත යනු තමාටම තමා පිළිබඳ විනිශ්චයක් ලබාදිය හැකි අපුරු වස්තුවකි. බොහෝ කාන්තාවෝ දවසේ වැඩි කාල වේලාවක් රාජකාරි ස්ථානයේත්, ඉතිරි කාලය නිවෙසේ මුළුතැන්ගෙය තුළත් වැය කරද්දී, තම කාල වේලාවෙන් වැඩි කොටසක් කැඩපත අභියස දියකර හරින ළඳුන් ද අප අතර නැතුවා නොවේ.

ඉතින් කැඩපත එහෙමත් නැතිනම් කණ්ණාඩිය යනු අපූර්ව වස්තුවක්ම නොවන්නේද? මේ එවැනි අපූරු කැඩපත නිවෙසේ සුන්දරත්වයට යොදාගෙන ඇති අන්දමයි. බලන්න මොනතරම් කලාත්මකදැයි කියා.

නිතර ඇස ගැටෙනා සෘජුකෝණාස්‍ර, සමචතුරස්‍ර, ඕවල් හැඩයන් වෙනුවට අපූරු හැඩයන් සහ රටාවන් මවනා මෙවැනි කැඩපත් නිර්මාණයක් ඔබේ ගෙතුළටත් සැබෑ චමත්කාරයක් එකතු කරාවි.

 

 

ඡායාරූප - අන්තර්ජාලය ඇසුරෙනි