විසිත්ත කාමරය, කෑම කාමරය හා මුළුතැන්ගෙය එකම මානයක

දැන් Show Pantry නැති තරම්
සැප්තැම්බර් 2, 2020

 

වර්තමානයේ නිවෙස් ඉදිවන්නේ ඉතාම අඩු පර්චස් ප්‍රමාණයකයි. මේ නිසා නවීන පන්නයේ සැලැස්මකට අනුව, ගෘහ අභ්‍යන්තර අලංකරණයන් අනුව යමින් නිවෙස් ඉදි කරන්නට බොහෝ පිරිස් පෙළඹෙයි.

මෙහිදී වැඩි මුදලක් වැයවේ යැයි කෙනකුට සිතෙන්නට පුළුවන. එහෙත් විසිත්ත කාමරය, කෑම කාමරය, මුළුතැන්ගෙය වෙනම වෙනම ඉදිකරනවාට වඩා අඩු ඉඩකඩින් වඩා වැඩි ප්‍රතිලාභ ලබමින් විසිත්ත කාමරය, කෑම මේසය සහ මුළුතැන්ගෙය යන සියල්ලම එකම තැනක පිළියෙල කළ හැකියි.

කැබිනෙට්ටුව වෙනුවට ආ Credenza


විසිත්ත කාමරය සහ කෑම මේසය එකට තබා මුළුතැන්ගෙය වෙනමම තැබුවත් කෑම මේසය ඇති තැන වෙනම ම පැන්ට්‍රියක් (Show Pantry) ඉදිවන්නේ කලාතුරකිනි. ඒ වෙනුවට  Credenza  එකක් පිළියෙල වේ. මෙය මීට වසර කිහිපයකට පෙර අපේ නිවෙස්වල තිබූ කැබිනට්ටුවට සමානය. Credenza හි විසිතුරු පිඟන්, කෝප්ප, වීදුරු, හැඳි, ගෑරුප්පු ආදිය තබයි.

Breakfast Counter /Kitchen Island

මුළුතැන්ගෙය සහ කෑම මේසය ඇති තැන Breakfast Counter  හෝ Kitchen Island  එකකින් වෙන් කරයි.  Breakfast Counter හි උසින් යුතු බංකු ආදිය තබා නිවෙසේ අය කෑම ගනියි. මේ මුළුතැන්ගෙයි සාමාන්‍ය මුළුතැන්ගෙයක සිදුවන සියලු දෑ සිදු කෙරේ. පැන්ට්‍රිය සවි කරන්නේ ද මෙහිමයි.

උපදෙස් - ප්‍රවීණ ගෘහ අලංකරණ ශිල්පිනී
ආචාර්ය දිලිනි හල්විටිගල

 

2020/09/02 තරුණි බලන්න