පහසුව පිළිවෙළ හා කාර්යක්ෂමතාවට මුල්තැන දෙන නිවෙසේ කාමර

සැප්තැම්බර් 23, 2020

තමන්ගේම කියා තැනූ කැදැල්ලක ජීවත්වන්නට ලැබීම සැබැවින්ම වාසනාවක්. ඉතිං මේ නිවහන සෞන්දර්යාත්මක බවේ අපූරු තෝතැන්නක් බවට පත්කරලන්නට නම් එහි සැලැස්ම සකසන අවස්ථාවේදීම දුරදිග බලා කටයුතු කළ යුතුයි.

නිවෙසේ වෙසෙන සාමාජිකයන්ගේ ප්‍රමාණය අනුව ඔවුන් යෙදෙන වෘත්තීන් අනුව නිවහනේ සැලැස්ම වෙනස් වන්නට පුළුවන්.

අද පටන් අපි කතා කරන්නට හිතුවේ නිවෙසේ ඇති විවිධ කාමර පිළිබඳවයි. මේ එයට පූර්ව කථනයක්. ඉදිරි සතිවලදී එක් එක් කාමරය පිළිබඳව වෙන වෙනම කතා කරමු.

නිවෙසේ ඇති කාමර පිළිබඳව කතා කරද්දී එක්වරම මතකයට නැඟෙන්නේ නිදන කාමර. එහෙත් නිදන කාමර හැරුණු විට අපේ දෛනික අවශ්‍යතාවන් සපුරාලන කාමර කිහිපයක් ම නිවෙසට අත්‍යවශ්‍ය වේවි.

නිදන කාමර

නිදන කාමර කියූ විට එහි මුල්තැන මාස්ටර් බෙඩ්රූම් සඳහා හිමිවේ. ඒ හැරුණුකොට කුඩා දරුවන් වෙනුවෙන් නර්සරි රූම් (0 - 3), ප්ලේරූම් (3 - 5), කිඩ්ස් රූම් (5 - 12), ටීන් රූම් (13 - 18), ඊඥඥද ඒඤභතබ (18 - 21), කධභදඨ ඒඤභතබ (21 - 25), ඒඤභතබ අධධථ (නිවසේ සිටින ආච්චි, සීයා වෙනුවෙන්) මේ ආදී වශයෙන් නිදන කාමර එකකට එකක් වෙනස් වේ. වයසත් සමඟ ඔවුන් සිතන පතන අන්දම වෙනස්වන නිසා ඊට සමාන්තරව යමින් නිදන කාමරය ද ගෘහ අලංකරණය අනුව යමින් වෙනස්කම්වලට භාජනය වේ.

 

 

උපදෙස් - ප්‍රවීණ

ගෘහ අලංකරණ ශිල්පිනී

ආචාර්ය දිලිනි හල්විටිගල

 

 

2020/09/23 තරුණි බලන්න.