නිවෙසක සැලසුම් හිතුමතේ වෙනස් කිරීම අනතුරකට අත වැනීමක්

සැප්තැම්බර් 30, 2020

හ පොළොව තවමත් නිසලය. අහස් කුස වැහි වළාවෙන් පිරී ගොසිනි. විටින් විට ඇද හැලෙන මහ වර්ෂාව ඉඟි කරන්නේ කුමක් හෝ අනතුරක සේයාවකි. පසුගිය සතියේ අපට අසන්න ලැබුණේ ද ඒ අඳුරු වළාවන් මතින් ගලා ආ දෑස් කඳුලින් තෙත් කළ සිදුවීමකි.

සෙන්කඩගල ශ්‍රී දළදා සමිඳුන්ගේ ආශිර්වාදයෙන් පුද ලද පුණ්‍ය භූමිය ආසන්නයෙන්ම ගලා ගියේ එම කඳුළ පිරි ශෝකාන්තයයි. මුළු රටක්ම කඳුළින් තෙත් කළ එම සිදුවීම හමුවේ අපට හෙළි කළේ ගැඹුරු වූ පාඩමකි. තරුණී පත්ඉරු පුරා සතියෙන් සතිය අප ඔබට තිළිණ කළේ පසන් නිවෙසක සිරිය විඳින්නට මඟ පෙන්වීමය. විශේෂයෙන් පසුගිය සති කිහිපය පුරාම අප ඒ ගැන ගැඹුරින් ඔබගේ විමසුමට ලක් කළේ ගොඩනැගිලි තාක්ෂණ දැනුම හා තොරතුරු ද සමඟය. අනාරර්ෂිත වූ භූමියක ගොඩනැගිල්ලක් තැනීමෙන් අහිමි වූයේ අහිංසක දරු පවුලකි. මෙලෙසින් අප තවත් මෙවැනි අනතුරකට ඉඩ නොතැබිය යුතුමය. ඒ වෙනුවෙන් පුංචි අවබෝධයක් ඔබට ලබාදීමට මෙම ලිපියෙන් අපි පුංචි උත්සාහයක් ගනිමු. ගොඩනැගිල්ලක් අප තනන්නේ ශක්තිමත් වූ තාක්ෂණයකට අනුකූලවය. එය ඕනැම පරිසර තත්ත්වයකට ගැළපෙන පරිදි විශාල භූමියක ඉදිවුවද එහි ආරක්ෂාව පැවැත්ම හා ගිලා බැසීම ආදී පාරිසරක සාධකයන්ට ඔරොත්තු දෙන අයුරින් සැදීමේ වගකීම පැවරෙන්නේ එහි හිමිකරුටය.

ගොඩනැගිල්ලක් හෝ නිවෙසක් ගිලා බැසීම, නාය යෑම වැනි පාරිසරික හේතු නිසා සිදුවන අවස්ථා අප දැක තිබේ. එසේම අප විසින් සිදුකරන විවිධ පරිසර වෙනස්කම් හා කඳු හෙල් කපා දැමීම වැනි හේතු නිසා ද අනපේක්ෂිත මෙවැනි අනතුරු සිදුවීම මෑත කාලයේ අපට නිරතුරුවම අසන්නට දකින්නට ලැබෙයි. එනම් අවිධිමත් අයුරින් ගොඩනැගිල්ලක් ඉදිකිරීමෙන් සිදු වන විනාශය අති විශාලය. මෙහිදී සිදුවන ජීවිත විනාශය හා දේපළ හානිය අගතියට පත් පාර්ශ්වය හට සදාකාලික දුක වේදනාව උරුමකර දෙන්නකි. එය මුදලින් තක්සේරු කළ නොහැකි තරම් වූ විශාල හානියකි.

 

උපදෙස් - කුරුණෑගල කැදැල්ල හෝම්ස්හි අධ්‍යක්ෂ දේශමාන්‍ය ආචාර්ය

මහින්ද ඒකනායක

 

 

020/09/30 තරුණි පුවපත බලන්න