කුඩා ඉඩමකට අඩුම මුදලකින් ලස්සන නිවෙසක්

දෙසැම්බර් 16, 2020

 

ලෝකයේ අප කොතැනක සිටියත් ආත්මීයව බැඳුණු තමුන්ගේ නිවහන තරම් වටිනා සම්පතක් තවත් නැහැ. එහි වටිනාකම අපට තදින්ම දැන් දැනෙනවා.

මේ ගෙවී ගිය මාස කිහිපය පුරාවට අපට වැඩිම කාලයක් ගත කරන්න සිද්ධ වුණේ නිවෙස තුළමයි. ඒ කියන්නේ තමුන්ගේ නිවහන තරම් ආරක්ෂාකාරී තැනක් ගැන අපට සිතන්න අපහසුයි. හැබැයි තමුන්ටම කියා නිවහනක් නැති බොහෝ දෙනකුගේ හදවතට ඒ අඩුව තදින්ම දැනෙන්න පටන් අරගෙන තිබෙනවා. එලෙස නිවෙසක සිහිනය දකින ඔබට යි මේ කුඩා නිවහන.

මෙය සම්පූර්ණයෙන් ඉදිකර තිබෙන්නේ පරචස් 7 ක කුඩා ඉඩම් කැබැල්ලකයි. මෙහි තවත් විශේෂත්වයක් වී ඇත්තේ ඉඩමේ එක් මායිමක් තාප්පයකින් ආවරණය වී තිබීමයි. ඒ නිසා එම සීමාව කුඩා බිම් තීරුවක් ඉතිරිවන ලෙස ද ඒ පැත්තට ජනෙල් පමණක් විවෘත කළ හැකි අයුරින් ද නිවෙස නිර්මාණය කර තිබේ.

 

 

උපදෙස් කුරුණෑගල කැදැල්ල හෝම්ස් හි අධ්‍යක්ෂ ආචාර්ය

මහින්ද ඒකනායක

 

 

 

2020/12/16 තරුණි පුවත්පත බලන්න